යේමනයට ගෝල දෙකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 20,(LNW) කොළඹ :

ආසියානු පාපන්දු කුසලාන 2027 සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස කටාර් හී පැවති ශ්‍රී ලංකාව සහ යේමනය අතර තරග දෙකෙන් පළමුවැන්න ජයගෙන සිටි ශ්‍රී ලංකාව දෙවන තරගයේදී ගෝල 2-0 ක් ලෙස පරාජයට පත් වුණා.පළමු තරගය මෙන්ම මැද පෙරදිග අනාරක්ෂිත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තරගයේදී ද,කටාර් හී අල් කෝර් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් හිස්ව පැවතුණා.


තරගයේ 21 වන විනාඩිය ගෙවෙන තැන යොමනය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරන්නට හම්සා මාරූස් සමත් වුණා.තරගය නිමා වන්නට විනාඩි දෙකක් පමණ තිබියදී යේමනයට දෙවන ගෝලය හිමි වුණේ එම කණ්ඩායමේ අලි නෂර් හසන් විසින් එල්ල කරන ලද පහරකටයි.


ශ්‍රී ලංකාව සහ යේමන කණ්ඩායම අතර විශාල පරතරයක් දක්ෂතාවලදී දකින්නට නොලැබුණ ද,කණ්ඩායමක් ලෙස ජය ගැනීමට වඩා ඇතැම් අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය නම ඉදිරියේ ගෝල ලකුණු සටහන් විම කෙරෙහි අවධානය යොමු කරනු බවක් දකින්නට ලැබුණා.පන්දුව හුවමාරු කර අනපේක්ෂිත ආකාරයට ගෝල ප්‍රහාර එල්ල කරනු වෙන්වට ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැල අසළදී උපක්‍රමිකව පන්දුව වෙනත් ක්‍රීඩකයෙකුට පවරා කණ්ඩායමට ගෝලයක් ලැබෙන අවස්ථාවක් ගැන සිතීමට කටයුතු නොකළ අවස්ථා කිහිපයක්ම තරගයේ දී දකින්නට ලැබුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...