පුටින් රුසියාවේ න්‍යෂ්ටික ප්‍රහාර සම්බන්ධයෙන් නව කොන්දේසි සලකා බලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වන්නේ නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නව කොන්දේසි යටතේ න්‍යෂ්ටික නොවන රාජ්‍යයකින් එල්ල වන ප්‍රහාරයක්, න්‍යෂ්ටික බලවතෙකුගේ පිටුබලය ඇතිවුවහොත්, එය රුසියාවට එරෙහි ඒකාබද්ධ ප්‍රහාරයක් ලෙස සලකනු ඇතැයි වාර්තා වන අතර නව කොන්දේසි යටතේ සාම්ප්‍රදායික මිසයිල, ඩ්‍රෝන හෝ ගුවන් යානා සමඟ රුසියාවට එල්ල කරන විශාල ප්‍රහාරයක් න්‍යෂ්ටික ප්‍රතිචාරයක් සඳහා වන නිර්ණායක සපුරාලිය හැකිය.

එය බෙලරුසියාවට ප්‍රහාරයක් හෝ රුසියාවේ ස්වෛරීභාවයට කිසියම් තීරණාත්මක තර්ජනයක් විය හැකිය. මිට අමතරව සභාගයක සාමාජිකයෙකු වන රාජ්‍යයක් විසින් රුසියාවට එරෙහි ඕනෑම ආක්‍රමණයක් මොස්කව් විසින් මුළු කණ්ඩායමේම ආක්‍රමණ ලෙස සලකනු ලබන අතර මේ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන Tass වාර්තා කර තිබේ.

රියෝ ද ජැනයිරෝ හි පැවති G20 සමුළුවේ මාධ්‍ය හමුවකදී ලැව්රොව් මහතා ප්‍රකාශ කර තිබුණේ, පැහැදිලිවම රුසියාවට න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් කරා යාමට අවශ්‍ය බවත්, න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතැබීම සඳහා සෑම දෙයක්ම කිරීමට අපි දැඩි ලෙස කැමති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!