Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී 
නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා රායි බච්චන් ඉකුත් නොවැම්බර් 19 වන දින අන්ද්‍රා ප්‍රදේශ්හි පුත්තපාර්ති හි පැවති ශ්‍රී සත්‍ය සායි බාබාගේ ශත සංවත්සර සැමරුමට සහභාගී විය.

එහිදී, ඇය අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේ සායි බාබාගේ ඉගැන්වීම්, නායකත්වය සහ සේවය පිළිබිඹු කරමින් මිනිත්තු හතකට ආසන්න දේශනයක් පැවැත්වුවාය. ඇය අගමැතිගෙන් ආශිර්වාද ලබා ගන්නා අයුරු ද එහිදී දක්නට ලැබුණි.

මේ අතරතුර, Operation Sindoor සම්බන්ධයෙන් ඇය අගමැතිගෙන් දැඩි ප්‍රශ්න අසන ආකාරය දැක්වෙන වීඩියෝවක් සංසරණය විය. එම වීඩියෝවේ දැක්වෙන්නේ අයිශ්වර්යා රායි බච්චන්, අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් මෙසේ ප්‍රශ්න කරන ආකාරයයි.

“අපි ජෙට් යානා 6ක් පාකිස්තානයට අහිමි කළේ ඇයි, රෆේල් යානා 4ක් අහිමි වුණේ ඇයි, S-400 පද්ධති 2ක් අහිමි වුණේ ඇයි, කාශ්මීරයේ සහ රාජස්ථානයේ අපගේ දේශසීමාවේ කොටස් පාකිස්තානයට අහිමි වුණේ ඇයි කියලා මම අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අහන්න කැමතියි… අගමැතිතුමනි, චිත්‍රපට ක්ෂේත්‍රය දේශපාලනයට සම්බන්ධ නොවන බව අපි දන්නවා, නමුත් ජාතිය පිළිතුරු ඉල්ලා සිටිනවා” යනුවෙන් එම වීඩියෝවේ සඳහන් විය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...