බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW:

ආසියානු නැගී එන ක්‍රිකට් තරු අතර පැවත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම,බංගලාදේශ ඒ කණ්ඩායම පරදා ලකුණු 6 ක ජයග්‍රහණයක් අත් කර දෙන්නට සමත් විය.ප්‍රබල සටනකින් පසු ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 159 ක ඉලක්කය හඹා යමින් සිටි බංගලාදේශය තරගයේ මුල් භාගයේ ජයග්‍රහණයට වඩාත් ආසන්නව සිටිය ද,අවසාන පන්දු ඕවර් කිහිපයේදී ලකුණු ලබා ගැනීමට වැට බැදපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලාදේශ ඉණිම පන්දු ඕවර් 20 නිමා වෙද්දී කඩුලු 6 ක ට ලකුණු 153 ට සීමා කරන්නට සමත් වූහ.


කාසියේ වාසිය දිනා ගැනීමෙන් ඉනික්බිතිව පළමුව පන්දුවට පහර දෙන්නට ශ්‍රී ලංකාවට ආරාධනා කළ බංගලාදේශ ක්‍රීඩකයෝ,ශ්‍රී ලංකා ඉණිම 15 වන පන්දු ඕවරයේ සිව්වන පන්දුව නිමා වෙද්දී කඩුලු 5 ට ලකුණු 99 ක් බවට පත් කළහ.ලකුණු 44 ට කඩුලු 3 ක් වැටුණු මොහොතේ කඩුල්ලට පැමිණි සහන් ආරච්චිගේ එහෙත් නොසැලී සිය අන්තරය රැක ගනිමින් ප්‍රහාරාත්මකව පිත්ත මෙහෙයවමින් සිටියේය.ඔහු සහ දුනිත් වෙල්ලාගේ හයවන කඩුල්ලට ලකුණු 52 ක් එක් කළේය.දුනිත් හයවන කඩුල්ලට දැවී ගියේ ලකුණු 23 ක් ලබා සිටියදීය.එම ලකුණු 23 පන්දු 14 දී හයේ පහරකින් සහ හතරේ පහර දෙකකින් පෝෂණය ලබා තිබිණ.


හත්වන කඩුල්ල ලෙස ලකුණු 158 දී පන්දු 49 දී මිල කළ නොහැකි ලකුණු 69 ක් රැස් කළ සහන් ආරච්චිගේ දැවී ගියේය.කලපනාව,පරිස්සම සහ ආක්‍රමණය වචනයේ පරිසමාප්තියෙන්ම තිබුණු ඉණිමක් දියත් කළ සහන් කඩුලු 7 ට ශ්‍රී ලංකා ඉණිම ලකුණු 159 දක්වා රැඟෙන ගිය පුරෝගාමියා විය.


පිළිතුරු ඉණිම සඳහා අපරාජිත බංගලාදේශය ප්‍රවේගකාරීව පිවිසුණි.ලකුණු ලබා ගැනීමේ වේගය ස්ථාවරව පවත්වා ගෙන යන්නට හැකි විය.එහෙත් දුනිත් වෙල්ලාලගේ ඒ ගමණට හරස් විය.පන්දු ඕවර් ලකුණු 19 ට සීමා කරමින් බංගලාදේශ කඩුලු 4 ක්ම දවා ගන්නට සමත් විය.විනිශචයේ දී ද පකිස්තානයේ සුල්ෆිකාර් ජාන්ගේ තීරණ ශ්‍රී ලංකාව ගැන හිතන මට්ටමෙන් සිඳු නොවන බවක් පෙනෙන්නට තිබිණ.එය විචාරකයන් ද සැක පහළ කළ තත්ත්වයක් විය.එහෙත් වේගයෙන් ලකුණු රැස් කරත්,කඩලු අතැතිව සිටියත් තරගය අවසාන භාගයේ පකිස්තානයට වේගවත් පහර කරා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ නොඳුන්හ.


වෙල්ලාලගේ,ප්‍රමෝද් මධුශාන් මෙන්ම අලුතින් කණ්ඩායමට පැමිණි ගරුක සංඛේත් ද කැපී පෙණින.අවසාන පන්දු ඕවර් 2 සඳහා බංගලාදේශයට ලකුණු 25 ක් අවශ්‍යය කරන තැනට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංගලාදේශය පාලනය කළහ.19 වන පන්දු ඕවරය යවන ලද සංඛේත් එයින් ලබා දුන්නේ ලකුණු 7 ක් පමණි.අවසාන පන්දු ඕවරයේ වගකීම ආරම්භක පන්දු ඕවර් දෙකේ දී ලකුණු 26 ක් ලබා සිටි මිලාන් රත්නායකට පැවරිණ.මිලාන්ගේ මුල් පන්දු 2 ට ලකුණු 9 ක් ලබා ගන්නට බංගලාදේශය සමත් විය.එහෙත් එතැන් සිට අත්දැකීම් ඇති මිලාන් පරිනත ලෙස පන්දු යැවීය.3 සහ 4 පන්දුවලට පාදයේ වැදී ගිය ලකුණු බැඟින් සටහන් වූවා හැරෙන්නට පිත්තේ පන්දුව දවටා ගැනීමටවත් ඉඩක් නොවිණ.පස්වන පන්දුව නිලකුණු එකක් වූ අතර අවසාන පන්දුවේදී යසීර් අලිගේ කඩුල්ල ලබා ගත්තේය.
එහෙත් මේ තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉහළින් නොතිබිණ.අහාන් වික්‍රමසිංහ සහ සහන් ආරච්චිගේ අතින් පහසු උඩ පන්දු දෙකක් ගිලිහිණ.ලකුණු හතර ලැබුණු අවස්ථා ද ඒ දුර්වලකම් නිසා ඇති විය.එහෙත් රමේෂ් මෙන්ඩිස් ජිෂාන් අලාම් දවා ගැනීමට රැක ගත් උඩ පන්දුව වැනි පන්දු රැකීම් ඉතාම ඉහළ සහ විශිෂ්ඨ මට්ටමේ පැවතිණ.එහෙත් සමස්තයක් ලෙස සතුටු වන්නට නොහැකිය.ඒ නිසා අවසාන පූර්ව වටයේදී ජයග්‍රහණය අපේක්ෂා කරන්නේනම් ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවතිය යුතුමය.


වරදක් සිඳු වුවහොත් ඊට මුහුණ දීමට සිඳු වන්නේමය.අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට හිමි වන්නේ පකිස්තානය සමඟ වන තරගයය.ඔවුන් අපරාජිතව එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින්නේය.ශ්‍රී ලංකාව තමන්ගේ කාණ්ඩයේ දෙවන තැන සිටින්නේ ඇෆ්ගනිස්තාන තරගය පන්දු රැකීමේ අඩු පාඩු අනුව පරාජයට පත් කර ගැනීම නිසාය.එහෙත් ගිය නුවණ අද්දා ගන්නට තිබෙන්නේම නොවැරදී ක්‍රීඩා කිරීම තුළින්ය.ශ්‍රී ලංකාවට පකිස්තානය පරාජය කරන්නට හැකියාව ඇත.ඒ වැරදි නොකර සිටීමෙන්ය.මෙතෙක් ශ්‍රී ලංකාවේ පසුබෑම් සහ දුශ්කරතාවලට හේතු වූයේ තමන්ගේ දුර්වලකම්ය.විශේෂයෙන් පන්දු රැකීමේදී පෙන් වූ ඒවාය.ඒවා නිවැරදි කරගෙන තරග කිරීමෙන් නැඟී එන ආසියානු කුසලානය දිනා ගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ඇත.
පහතින් දක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගයේ ලකුණු පූවරුවය.
https://bit.ly/4oXXbis

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...

පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නොසලකා හරින ලද අර්බුදයක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව පුරා...