දුම්රිය කාලසටහනේ වෙනසක් – දුම්රිය දෙපාර්තමේන්තුව

Date:

දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ලබන සතියේ සිට දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන චෝදනා හේතුවෙන් එම තීරණය ගත් බවයි.

දුම්රිය මාර්ගවල පවතින දෝෂ සහ නඩත්තු කටයුතු හේතුවෙන් දුම්රිය වේග සීමා පැනවීමත් සමග සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමේ දී ගැටලු පැන නැගී තිබේ.

ඒ හේතුවෙන් කාර්යාල දුම්රිය, කොළඹ කොටුව සහ අනෙකුත් ගමනාන්තයන් වෙත ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ඒ හරහා කාර්යාල සේවකයින් පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් අසීමිත පීඩාවෙන් තම රැකියාව වෙත දිවයන ජනතාවට තිබූ එකම සහනකාරී ප්‍රවාහන සේවය දුම්රිය සේවය කීවොත් නිවැරැදිය . කාල සටහන වෙනස් වුවද මගී ප්‍රවාහන කටයුතු සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවේ.

රෂිකා හෙන්නායක
2022.11.20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...