කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට රු. බිලියන 02ක් වෙන්කරනවා: රමේෂ් පතිරණ

Date:

2023 වසර සඳහා වන අයවැය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර අංශයේ සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, ඒ අනුව එ අංශයට අරමුදල් සැපයීමට සහ ආධාර කිරීමට රු. බිලියන 2 ක මුදලක් වෙන් කර ඇති බවත් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ඉකුත් දින පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් ආර්ථික තත්ත්වය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) නඟා සිටුවීම සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර වශයෙන් ය.

මෙහිදී ක‍්‍රමානුකූලව ආධාර ලබාදිය යුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තක්සේරු කිරීමට නිසි යාන්ත‍්‍රණයක් සැකසිය යුතු බව ද කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

තවද, ඩොලමයිට් කර්මාන්තය පිළිබඳව ද කමිටුවේදී අවධානය යොමු විය. පුපුරණ ද්‍රව්‍ය හිඟය නිසා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව මෙම තත්ත්වය නිරාකරණය කිරීම සදහා මැදිහත් වන බවත් පුපුරණ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බතික් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී පවතින ගැටලු, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ කරුණු පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, ජානක වක්කුඹුර, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බුද්ධික පතිරණ, මධුර විතානගේ, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, සුමිත් උඩුකුඹුර, මොහොමඩ් මුසම්මිල්, රිෂාඩ් බදියුදීන් සහ සහන් ප්‍රදීප් විතාන යන මහත්වරු ද කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...