වංචනික අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලාංකිකයන් 500 කගෙන් රු. බිලියන 3කට අධික මුදලක් වංචා කරලා!

Date:

අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන ලියාපදිංචි නොකළ ආයතනයක රුපියල් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව පසුගියදා තොරතුරු හෙළිදරව් වී තිබේ.

කෝට්ටේ නාවල මාර්ගයේ පිහිටි ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය (Athens International Education Centre) නමින් හැදින්වුණු මෙම ආයතනයේ නිලධාරීන් විසින් ධනවත් පුද්ගලයන් 500ක් පමණ ව්‍යාජ ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට පොළඹවා රුපියල් බිලියන 3කට අධික මුදලක් වංචා කර ඇති බව හෙළිදරව් විය.

මෙම සිදුවීම පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ පසුගියදා අගහරුවාදා දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

ඒ අනුව මුදල් වංචා කිරීමේ චෝදනාව මත එම සමාගමේ සම්බන්ධීකරණ නිලධාරි දිලුම් කුමාර සහ ගිණුම් ලිපිකාරිනියක් වන මේදනී තරංගා නොවැම්බර් 30 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් විසින් රුපියල් බිලියන ගණනක ආයෝජනයක් ලෙස ලබාගෙන ඇති බිලියන ගණනක මුදල් පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි මත අදාළ සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව අඟහරුවාදා දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ හිමිකරු බව කියන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි සහන් අකලංක නමැති සැකකරුවෙකු නම් කර තිබෙන අතර ඔහු තවමත් සැඟවී සිටින බවත් සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන සිදුකරන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය නොලබා මෙලෙස මුදල් වංචා කර ඇති අතර තරංගා නැමති දෙවැනි සැකකරු විසින් රුපියල් මිලියන 15.5 ක් වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ කරුණු පැහැදිලි කිරීම් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් ගමගේ මහතා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් නොවැම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඕවින්දි විෂ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...