පාර්ලිමේන්තුවේදී මින්පසු වැඩ දාන්න බෑ, මෙන්න වෙන්න යන දේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යම් මන්ත්‍රීවරයෙකු සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන්නේ නම්, එම නියෝජිතයාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරිමට අයුරින් ප්‍රතිපාදන ඇතුළත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා ,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්මය පිළිබඳව සහ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට විශාල විවේචනයක් තියෙනවා. ඒක සාධාරණ විවේචනයක්. පහුගිය කාලය පුරාවට එම වගකීම මන්ත්‍රීවරු ඉෂ්ඨ නොකිරීම නිසා නොයෙකුත් පියවර අපි අරගෙන තියෙනවා. ඒ අතරට අපි ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්. පාර්ලිමේන්තුවට අලුතින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳව පනතක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන විදියට කටයුතු කරනවා නම් සහ නීතිවිරෝධී යම්දෙයක් කරලා තියෙනවා නම් ස්වාධීනව පත්කරන කමිටුවක් මඟින් එම මන්ත්‍රීවරයාට දඬුවම් නියම කරන්න. විශේෂයෙන්ම මන්ත්‍රී ධුරය අහෝසි වෙන විදියට තමා අපි ඒ පනත් කෙටුම්පතට පනත් ඇතුළත් කරලා තියෙන්නේ.”

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...