COPE කමිටුවේ සභාපතිගේ පෝක් වැඩ විපක්ෂ නායක එළි දක්වයි (VIDEO)

Date:

ලබැඳියාවන් අතර ගැටුම් ඇත්නම් ඒ ඒ කමිටුව සභාපතිවරුවන්ට එම කමිටුවට කටයුතු මෙහෙයවීමට ශීලාචාර, සදාචාර සහ නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් එම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස කටයුතු කර මුදල් ලබා ගෙන අද දවසේ ක්‍රිකට්වල දූෂණ වංචා සෙවීමේ කමිටුවල සමාජිකත්වය දැරිය හැකි ද යන කරුණ විමර්ශනයට ලක් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ යන ආයතනයේ අයිතිකරු කවුද? සහ එම ආයතනය මේ රටේ රාජ්‍ය ආයතන සමඟ එකතු වී උපදේශක සේවා කාටද ක්‍රියාත්මක කර ඇත්තේ? කියා සොයා බැලිය යුතු බවත් වෘත්තීය පුහුණු අධිකාරියට පවා එවැනි සේවා සපයා ඇති බවත් මුලින්ම ව්‍යාපාර සැලසුමක් ඇති බව විමසා එය නැතැයි ඔප්පු වූ පසු තමන්ගේ ආයතන යොදවා එය සකස් කර එම මුදල් තමන්ට ලබා ගන්නා බවත් මේ සඳහා තව උදාහරණ රැසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුවේ සභාපතිවරයාගේ නීතිවිරෝධි ක්‍රියා සම්බන්ධයෙන් අනාවරනය කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...