වගා හානි වූ ගොවියන්ට නොමිලේම ඉන්ධන!

Date:

කොළඹ LNW:පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවී ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව වී වගාව සඳහා එම ඉන්ධන නිකුත් කිරීම ආරම්භ අකර තිබෙන අතර ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම සිදුවෙයි.

පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වළව කළාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගාහානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවේ.

පසුගිය යල කන්නයේ වී වගා කළ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත් වූ අතර එම ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ දී කුඹුරු අස්වැද්දීම සඳහා මෙම ඉන්දන සහනාධාරය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණි.

චීන රජය විසින් පසුගිය මහ කන්නයේ වී වගා කිරීමට නොමිලයේ බෙදා දීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබුණු අතර එම ඩීසල් බෙදා දීමේ දී යම් කුඩා ප්‍රමාණයන් ඇතැම් ගොවි ජනතාව විසින් ලබා නොගත් අතර ඒ යටතේ ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරි වී තිබේ.

එලෙස ඉතිරි වූ ඩීසල් ලීටර් මිලියන 02 වගා හානි සිදු වූ ගොවි ජනතාවට හෙක්ටයාර් එකකට ලීටර් 40 බැගින් බෙදා දීමටයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...