පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින් ඇෆ්ගන් දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ කුරාම් දිස්ත්‍රික්කයේ දියත්කරන ලද ඉලක්කගත මෙහෙයුමක් හරහා ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සාක්ෂි නොමැතිව, ඉන්දියාවට දොස් පවරා ඇති අතර, පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ඇෆ්ගනිස්ථානයට චෝදනා කර ඇත.

ප්‍රහාරක කණ්ඩායම් ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය විසින් සහාය දක්වන බවට පකිස්ථානය දිගු කලක් තිස්සේ චෝදනා කර ඇති අතර, නවදිල්ලිය සහ කාබුල් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජනපදය ඉවත් වීමෙන් පසු 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු පකිස්ථාන තලේබාන් සංවිධානය ධෛර්යමත් වී ඇති අතර මෑත මාසවලදී, පකිස්ථාන රජය පෙරලා දැමීමට සිය ප්‍රහාර උත්සන්න කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...