හැදෙන ගස්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW:

අවුරුදු 15 න් පහළ ප්‍රීමා ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකලාභියා වන්නට දිසස් බණ්ඩාර සමත් වෙනවා.එසේම මහනුවර කණ්ඩායමේ සතිර දෙනුවන් තරගාවලියේ පළමු කඩුලු 5 හිමි කර ගත් පන්දු යවන්නා වෙනවා. 106කදී හයේ 5ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී අගනා ලකුණු 101ක් ලබා ගන්නට දිසස් සමත් වෙන අතර සතිර, ලකුණු 8කට කඩුලු 5ක් බිඳ හෙළන්නට සමත් වෙනවා.


කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව දිසස් නොදැවී ශතකයක් ලබා ගත්ත ද ඔවුන් කොළම උතුර කණ්ඩායම ලබා ගත් ලකුණු 209 ට ලකුණු 8 ක් මෙපිටින් ලකුණු 201 දි සියල්ල දැවී යන නිසා තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට නොහැකි වෙනවා.නමුත් සතිරගේ පන්දු යැවීම නිසා මහනුවර කණ්ඩායමට ලකුණු 64 ක් විහිෂ්ඨ ජයක් කරා යන්නට අවස්ථාව ලැබෙනවා.කණ්ඩායම පරාජය වුවත් දිසස්ගේ ඉණිම තුළ වැඩෙන පරිණත දරා ගැනීම සහ ඉවසිම සහිත ක්‍රීඩකයෙකු දකින්නට ලැබීම නිවැරදිව කළමණාකරණය කර ගත හැකිනම් දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ ජයක් වෙනු ඇත.


සතිරගේ දක්ෂතාවයද සුළුවෙන් තකන්නට බැහැ.සිය කණ්ඩායම ලකුණු 129 ට දැවි ගොස් සිටියදී ලකුණු 64 ක ජයක් ලබා දෙන්නට සමත් ආකාරයෙන් සිය දඟ පන්දුව භාවිතා කිරීම විශිෂ්ඨ හැකියාවක් ලෙස ගත හැකියි.එසේම මේ තරගයේදී ත් දඹුල්ල කණ්ඩායමෙ වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ දිසස් ලකුණු 16 ක් රැස් කරන්නට සමත් වෙනවා.
මේ සමඟ මේ දක්වා තරගාවලියේ ලකුණු සටහන ද දක්වා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්