රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!

Date:

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ”රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව මේ වන විට මත්ද්‍රව්‍ය කිලෝ 1000කට වැඩි ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රටම එකට මෙම ජාතික මෙහෙයුම පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට ආරම්භ වූ අතර එදින සිට ඊයේ (20) දිනය දක්වා සිදුකරන ලද මෙහෙයුම් වාර්තාව මඟින් එම තොරතුරු ලබා දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23550ක් ලෙස දැක්වෙයි. 614කට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර නීති විරෝධී වත්කම් විමර්ශන 26 දෙනෙකු සම්බන්ධයෙන් ආරම්භ කර තිබේ.

මේ අතර 638ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...