නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!

0
817

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW :

නව ජනාධිපති නීතිඥවරුන් වශයෙන් සිව් දෙනෙකු දිවුරුම් දී තිබෙන බව සඳහන් වේ.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව් දෙනෙකුයි.

මෙම දිවුරුම් දීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසෙන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු විය.

අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි , හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන් මෙසේ දිවුරුම් දී ඇත.

මෙම අතිරේක සොලිසිටර් ජනරාල්වරු සිව් දෙනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉකුත්දා ජනාධිපති නීතීඥ ධූරයට නම් කරන ලදී.