කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21) සංවිධානය කර තිබෙන මහා ජන හඬ රැළියට විරෝධය පළකරමින් කොළඹ කොටුවේදීත් විරෝධයක් පැවැත්විය.
එය සංවිධානය කර තිබුණේ අපේ පරපුර පක්ෂය විසිනි.
එම පක්ෂයේ සභාපති සිදම්බරන් කරුණානිධි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රාජපක්ෂ යුගය නැවත ඇතිවීමට ඉඩක් නොදෙන බවයි.
ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල හමුවේ පසුගිය පාලන සමයන්වල කළ ආසාධාරණ වැඩ හේතුවෙන් සිරගතවීමට නියමිත පිරිස බේරා ගැනීම වෙනුවෙන් විපක්ෂය එම රැළිය සූදානම් කර ඇති අතර ජනතාව තවදුරටත් ඔවුන්ට නොරැවටෙන බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂයේ විරෝධය ලෙස දැක්වුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද හැංගි සිටින අතර රනිල් වික්‍රමසිංහ ද නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් අද දින නුගේගොඩ රැළියට පැමිණ සිටින්නේ මස් කඩයටත් ගොස් ප්‍රතික්ෂේප වී පැමිණි පිරිසක් බවයි ඔහු පැවසුවේ.
”පහුගිය කාලයේ කරපු අසාධාරණ දේවල් වලින් පිරිසක් හිරේ යාමට සුදානමින් සිටිනවා. නාමල් සහ ගෝලයෝ ඔවුන් ටික බේරගන ආණ්ඩුවට චෝදනා කරනවා. ආණ්ඩුවත් අඩුපාඩු ඇත්නම් වැරදි හදා ගන්න ඕනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා පවා අත්අඩංගුවට ගත්තා. ගෝඨාභය 69 ලක්ෂයක් ජන්ද අරන් අවුරුදු දෙකෙන් මොකද වුනේ. නාමල්ට ජන්ද හම්බුනේ ලක්ෂ 3යි. ජනතාව පයින්ගහල එලවල තියෙන්නේ රාජපක්ෂ පරම්පරාව. නායකයෙක් නම් නායකයෙක් වගේ ජනතාවත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. නමුත් හැංගිලා, කුමන්ත්‍රණ කරන්නේ. ලැජ්ජයි නාමල් ලැජ්ජයි. විපක්ෂ නායකගේත් කයිය විතරයි. විපක්ෂ නායකත් හැංගිලා. රනිල් නෑ. සල්ලි දීලා මිනිස්සු ගෙනවනවා. අපි අවේ සංදර්ශනවලට නෙවෙයි. ජනතාව ඇත්ත දැනගන්න ඕනේ. ජනතාවට ඇත්ත කියන්න අපි ආවේ. මේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්. ඔය කාලකන්ණින්ට රට නැවත දුනොත් මොකද වෙනේ කියල මිනිසු දන්නවා. පරම්පරා දහයක් ණය කරලා තියෙන්නේ.මේ රටේ මිනිස්සුන්ගෙන් නැවත ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
