ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවක්; මිය ගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට

Date:

ඉන්දුනීසියාවේ ජාවා දූපට බලපෑ රික්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවක් හේතුවෙන් මරණ 56ක් වාර්තා වී ඇති අතර, තුවාල කරුවන් 700 ඉක්මවා ඇති බව, ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය නිවේදනය කර තිබේ.


එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා තිබුණේ බටහිර ජාවා පළාතේ සියන්ජුර් ප්‍රදේශයේ කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.2) ගැඹුරින් භූ කම්පනය සිදු වූ බවයි. මේ වන විට එම නගරය නටඹුන් ගොඩක් බවට පත්ව ඇති බව ඉන්දුනීසියාවේ මෙට්‍රෝ රූපවාහිනිය වාර්තා කර තිබේ.

භූමිකම්පාවෙන් පසු පැය දෙක තුළ පසු කම්පන 25 ක් වාර්තා වූ බව කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව සහ භූ භෞතික ඒජන්සිය(Meteorology, Climatology, and Geophysical Agency ) වාර්තා කර තිබේ. එම ඒජන්සිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් නායයෑමේ අවදානමක්ද ඇතිවිය හැකි බවයි.

ඉන්දුනීසියාව පැසිෆික් ද්‍රෝණියේ ගිනිකඳු චාපයක් වන “රින්ග් ඔෆ් ෆයර්” මත පිහිටා ඇති නිසා මිලියන 270 කට අධික ජනතාවක් නිරන්තරයෙන් භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් සහ සුනාමිවලට ගොදුරු වේ.

Update; මරණ සංඛ්‍යාව162 දක්වා ඉහළට!

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට...

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...