2024 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 77ක් හිමි විය.
ඒ අනුව, අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත විය.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
RN