අපි පොහොසත් රටක,පොහොසත් ක්‍රීඩාවක් හදමු – නව ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 22,(LNW) කොළඹ :

මම මලල ක්‍රීඩකයෙක්.ඒත් මට පැවරී තියෙන්නෙ රටේ සමස්ථ ක්‍රීඩාව කළමණාකරණයට දායකවීමේ වගකීම.ඒ දේ ක්‍රීඩා කරන තරම් පහසු දෙයක් නෙමෙයි.අපි පොහොසත් රටක් හදන වැඩ සැළසුම ඇතුළෙ පොහොසත් ක්‍රිඩාවක් ඒ රටට ලබා දීමේ වගකීමෙන් බැදී ඉන්නවා.ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා.“


ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගයක් නියෝජනය කළ, පාර්ලිමේන්තුවට තේරී පත් වූ,පළමුවැන්නා වූ සුගත් තිලකරත්න නව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් වීමෙන් ඉනික්බිතිව අප කළ විමසීමකදී පැවසීය.


“මම බොහොම දුශ්කර ප්‍රදේශයකින් ක්‍රීඩාවට ආව කෙනෙක්.තවමත් එවැනි ප්‍රදේශවලට නොගිය ක්‍රීඩාත් ලංකාවෙ තියෙනවා.සමහර විට ඒ ඒ ක්‍රීඩාවල රටේ දක්ෂතම කෙනා තවම හැංගිලා ඇති.ඔවුන් ඉන්න තැනට ක්‍රීඩාව ගිහිල්ලා නැතුව ඇති.මේ තිත්ත ඇත්තට අපි සංවේදී වෙන්න ඕනි.අපේ වගකීම වෙන්නෙ ඒ තත්ත්වය වෙනස් කරලා ක්‍රීඩාව ගමට ගෙන යන වැඩ සැබෑ වැඩ පිළිවෙළක් සකස් කිරීමයි.“


සුගත් තව දුරටත් අවධාරණය කළේය.


“අපි දන්න ඇත්තම කතාව තමයි ක්‍රීඩාවන් ප්‍රචලිත නොවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව ඒවා සම්බන්ධයෙන් වන යටිතල පහසුකම් නගරයෙන් ඈතට යන්න යන්න නොලැබී තිබීම. ඉතිං එහෙම තත්ත්වයක් වෙනස් කරන එක එක රැයකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.ඒ නිසා පිළිවෙලින් ඒ දක්වා ළඟා වීමට අවශ්‍යය කාරණා කටයුතු,ගත හැකි විකල්ප ගැන අප කල්පනා කළ යුතුව තිබෙනවා.“


නව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා පරිපාලනයට සම්බන්ධ රාජ්‍ය වගකීම් දරන ලද කෙනෙක් වීම නිසා තමන්ට ක්‍රීඩකයෙක් විදිහට තියෙන අත්දැකීම් හරහා රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමේදී අමාත්‍යවරයාට නිවැරදි තීරණ ගැනීමට විශාල දායකත්වයක් දිය හැකි බව විශ්වාස කරන බවයි.


“අපි දෙදෙනා වගේම අපේ ආණ්ඩුවෙ සියලු දෙනාත් ඉන්නෙ පොහොසත් රටක් මේ රටේ ජනතාවට දායාද කරන වගකීම සමඟ බැදිලා.ඒ පොහොසත්කම ක්‍රීඩාවෙනුත් අපි අපේක්ෂා කරනවා.ක්‍රීඩාවෙ හැකියාවන්වල පොහොසත්කම වගේම,හැකියාවන් පොහොසත් කළ හැකි සමාජ ක්‍රමයක්ද මේ රටට අවශ්‍යය කරන බව දැකලා,ඒ වෙනුවෙන් කැපවුණු මිනිස්සු තමයි මහජන නියෝජිතයො හැටියට අපේ ආණ්ඩුව නියෝජනය කරන්නෙ.“


ක්‍රීඩා අමාත්‍යවරයා සහ එහි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් මෙන්ම ආණ්ඩුවක් හැටියට ද රටේ ක්‍රීඩාව වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වැඩ සැළසුමක් ක්‍රියාත්මක කිරීම අපේක්ෂාව බව පැහැදිළි කරමින් සුගත් පවසන්නේය.


“සමාජයෙ තියෙන විවේචන,විරෝධ නොසළකා ඉන්න බැහැ.හැබැයි ඒ වගේ දේවල් ඇති වෙන්න බල පෑ,ඇත්ත නොවන බරපතල දේශපාලන උවමනාවන් තියෙන්නත් පුළුවන්.ඒ උවමනාවන් වෙනුවෙන් මවපු දේවල් නිසාත් ක්‍රීඩා කේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් වැඩි දෙනාගේ මත නිවැරදි නොවෙන්නත් පුළුවන්.ඒ නිසා මේ වෙලාවෙ ක්‍රීඩාව දෙස එහි ජාතික වගකීම කළමණාකරනය කරන්න පැවරුණු කෙනෙක් හැටියට මේ කාරණාවල යථාර්තය සොයා ගැනීම වගකීමක්.ඒ සම්බන්ධ නීතිමය කාරණා,ප්‍රතිපත්තිමය කාරණා මත පිහිටුවලා වැඩ කරද්දි,සමහර විට ප්‍රසිද්ධම දේ ඇත්තම නොවෙන්න පුළුවන්.ඒ වගෙම මේ දක්වා ක්‍රීඩාවන් සම්බන්ධ ඇත්තම වැරදි සහගත තත්ත්වයන්ට දඬුවම් කිරීම් වැනි කාරණා මඟ හැරිලා තියෙන්නත් පුළුවන්.ඒවත් අපේ කාලයෙ නෙමෙයි කියලා රාජ්‍ය වගකීම ඇතුළෙ අපිට මඟ හැර යන්න බැහැ.එකක් අපි රටේ ක්‍රීඩාව නිවැරදි කරන්න ඕනි.නිවැරදි පුද්ගලයන් ඒ සඳහා අවශ්‍යය වෙනවා.මේ සියල්ල වෙනුවෙන් හොඳ දැක්මක් තියෙන හැමෝගෙම ආශිර්වාදය,අදහස් අපි අපේක්ෂා කරනවා.අපි රටක් හැටියට ක්‍රීඩාව සාර්ථක කර ගන්න වැඩ සැළසුම් සකස් කිරීම වෙනුවෙන් ගන්න උත්සාහයට ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම අත ගහන්න පුළුවන්.අපි පොහොසත් ක්‍රීඩාවක් හදමු කියන එක තමයි හැමෝටම කියන්න තියෙන්නෙ.“

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...