සොනාල් සහ පවන්ගෙන් ශතක – තරගාවලි ජය පකිස්තාන ඒ කණ්ඩායමට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 22(LNW) කොළඹ :

පකිස්තානයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් තරගාවලි පුරා කැපී පෙණෙන දක්ෂතා දක්වන සොනාල් දිනූෂ මේ සංචාරයේ තමන්ටම හිමි විය යුතුවම තිබූ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා දෙවන ඉණිම කඩුලු 4 ට ලකුණු 260 ක් දක්වා ගෙන යන්නට උර දුන්නේය.එහිදී සොනාල්ට විශාල සහයෝගයක් දෙමින් පවන් රත්නායක ද ශතකයක් රැස් කරමින් පස්වන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 214 ක සබඳතාවයක් පවත්වන්නට ද සමත් විය.සොනාල් නොදැවී ලකුණු 116 ක් රැස් කළ අතර පවන් නොදැවී ලකුණු 100 ක් රැස් කරන්නට සමත් විය.

ජයග්‍රාහි පකිස්තානු ඒ කණ්ඩායම


මේ තත්ත්වය මත පකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 284 ක් අවශ්‍යය වූ අතර ඔවුහු තරගය නිමාවන මොහොත වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් රැස් කර ගෙන සිටියහ.


පැවති තරග දෙකේදී ම සොනාල් දිනූෂ පිත්තෙන් දැක් වූ දක්ෂතා කැපී පෙණින.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ සොනාල් මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ බර උර මතට ගත් පිතිකරු වූ අතර ඔහු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මේ සංචාරයට ඇතුළත් වූ වනුජ සහන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද කැපී පෙණෙන දක්ෂතා දැක්වීය.පවන් රත්නායක ද තරග දෙකේදීම පිත්තෙන් සිය හැකියාව විදහා පෙන්නන්නට සමත් විය.


නැවත වරක් ජාතික කණ්ඩායමේ ද අවස්ථාව ලබා දුන්.මේ වන විට ඒ කණ්ඩායම හරහා නැවත ස්ථාවර වීමට අවස්ථාව ලබා දී තිබෙන චාමික ගුණසේකර මේ තරගාවලියේ දී ද,මේ දක්වා අපේක්ෂිත දක්ෂතා අතරට පැමිණීමට සමත් වී නැත.එහෙත් ඒ කණ්ඩායමේ ලබා දුන් සෑම අවස්ථාවකම දක්ෂතා දක්වන්නට සමත් වේග පන්දු යවන්නෙක් වී සිටින ඉෂිත විජේසුන්දර මෙම තරගයේදී පළමු ඉණිමේ බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉණිම ගොඩ ගන්නට අපූරු අර්ධ ශතකයකින් ද දායක විය.
පහත දැක්වෙන්නේ දෙවන සිව්දින තරගයේ ලකුණු පූවරුවය.


https://es.pn/40Y2kxK
පළමු තරගයේ දී පළමු ඉණිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිතිකරණයේ දැක් වූ දුර්වලතාවය හේතුවෙන්,ශ්‍රී ලංකාව පරාජයට පත් වීම නිසා තරග 1-0 ක් ලෙස පකිස්තානය සිව් දින තරග දෙකක් ඇතුළත් වූ තරගාවලිය ජය ගන්නට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...