Pam Bondi ඇමෙරිකාවේ නීතිපති තනතුරට!

0
462

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමෙරිකාවේ නීතිපති තනතුර සඳහා පෑම් බොන්ඩි තෝරාගෙන ඇත.

පෑම් බොන්ඩි තෝරාපත් කර ගැනුනේ, නීතිපති තනතුර සඳහා තමා ඉදිරිපත් නොවන බව ට්‍රම්ප්ගේ ප්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ මැට් ගේට්ස් සඳහන් කිරීමෙන් අනතුරුවයි.

ඇමෙරිකාවේ නීති ක්ෂේත්‍රයේ වසර 20 කට ආසන්න කාලයක් සේවය කර ඇති ඇය 2016 වසරේ සිට ට්‍රම්ප්ට සහාය දක්වන අතර, මීට පෙර ඇය ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නීතිපතිවරයා ලෙස ද කටයුතු කළ බව වාර්තා වේ.

පෑම් බොන්ඩි 2019 වසරේදී ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයේදී  ඔහුගේ පාර්ශ්වයෙන් කටයුතු කළ නීති කණ්ඩායමේ ප්‍රධානියෙකු ලෙස ද කටයුතු කළ බව වැඩිදුරටත් වාර්තා වේ.