පාකිස්තානයේ ෂියා , සුන්නි ගෝත්‍රිකයන් අතර ගැටුමකින් 42 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්තානයේ ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි කලාපයක් වන කුරම්හි ඉඩම් ආරවුල් මත ෂියා සහ සුන්නි ගෝත්‍රිකයන් අතර ඇති වූ ආරාවුලක් මේවන විට නිකායික ගැටුමක් දක්වා වර්ධනයව ඇති බව වාර්තා වේ.

මේ අනුව යමින් ෂියා වන්දනාකරුවන්ගේ රථ පෙළකට තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව කයිබර් පක්තුන්ක්වා බලධාරීන් වාර්තා කර ඇති අතර ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති අතර විමර්ශන සිදුවෙමින් පවතියි.

කුරම් හි නියෝජ්‍ය කොමසාරිස් ජාවෙදුල්ලා මෙහ්සුඩ් පැවසුවේ රථ පෙළ පරචිනාර් දිස්ත්‍රික් මූලස්ථානයේ සිට පෙෂාවර් වෙත යමින් සිටියදී ප්‍රහාර එල්ල වූ බවයි.

ප්‍රහාර හෙළා දකිමින් අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබුණේ, රටේ සාමයේ සතුරන් අහිංසක පුරවැසියන්ගේ රථ පෙළකට පහර දී ඇති අතර, එය අතිශය ම්ලේච්ඡ ක්‍රියාවක් වන බවයි.

ෂියා සහ සුන්නි කණ්ඩායම් අතර නිකායික ආරවුල් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති අතර 2007 සිට 2011 දක්වා කාලය තුළ මාරාන්තික ප්‍රචණ්ඩකාරී කාලපරිච්ඡේදය තුළ පුද්ගලයන් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...