පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

Date:

ඕවින්දි විෂ්මිකා

නොවැම්බර් 22, ලෝකය (LNW):
Harper’s Bazaar Women of the Year 2025 සම්මාන උළෙලේදී Gillian Anderson වේදිකාවට නැඟුණේ වසරේ ව්‍යවසායකයාට හිමි සම්මානය පිළිගැනීම සඳහාම නොවෙයි. ඒ නම් කලාතුරකින් මතු වූ ශත වර්ෂ ගණනාවක් සිට පැවතෙන සංස්කෘතික සංවාදයකට සෘජුව පිළිතුරක් දෙන්නයි.

Olivia Wilde විසින් මෙම නිර්භය Gillian Anderson ව හඳුන්වා දුන්නේ “වසර 300 කට පෙර පිරිමි ආධිපත්‍යයෙන් පිරුණු සමාජයට නිර්ලජ්ජිත ලෙස තර්ජනය කිරීම නිසා නිසැකවම කණුවක පුළුස්සා දැමීමට ඉඩ තිබූ කාන්තාවක්” ලෙසයි. Anderson ද උපහාසාත්මක සිනහවකින් එයට පිළිතුරු දෙමින් ඇගේ කුසලානය පිළිගත්තාය.

වේදිකාවේ සහ තිරයේ දිගු කලක් සිට බල කණුවක් වූ Anderson ඇගේ භූමිකා සියල්ලෙන් ඉදිරියට ගොස් ඇය ගැන දැන් ලෝකයා කතා කරන්නේ අලුත් විප්ලවීය හේතුවක් නිසාවෙනි. ඒ තමයි G Spot. Anderson පැවසුවේ මෙය ඇගේ සුළු පුත්‍රයා එම අදහස සමඟ ඇය වෙත පැමිණි විට එයට අහම්බෙන් එක්ව ආරම්භ කළ functional beverage කලාවක් බවයි.

පිරිමින්ට සියවස් ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ආශාවන් සහ කුතුහලයන් කේන්ද්‍ර කරගත් දේ හැසිරවීමට හැකි වී තිබිය දී Anderson අවසානයේ ඇගේ පිළිතුර සිසිල්, දීප්තිමත් වර්ණ සහිත කෑන් එකකින් ලබා දී ඇත. Anderson ගත්තේ ඒකට නමින්ම පිළිතුරක්: G Spot.

මෙහෙවරක් සහිත පානයක්

Anderson කිව්වේ ඇය සතු ව්‍යාපාරික උනන්දුව ව්‍යාපාරික ජය ගැන නොවෙයි.නොකියන, කියාගත නොහැකි යැයි සිතන කතාවලට තිත තබමින් නිශ්ශබ්දතාවය බිඳ දැමීම ගැන බවයි.

“මේ brand එක හැම දෙයක් ගැනයි, සියලුම කාන්තාවන් ගැනයි, ලැජ්ජා නැතිකම ගැනයි,ඇගයීම ගැනයි, ඔවුන්ට හඬක් තියෙන එක ගැනයි. ‘G Spot’ කියලා අරන් තියෙන්නේ purpose එකක් නිසා” ඇය ප්‍රේක්ෂකයින්ට පැහැදිලි කළාය.

තවදුරටත් එය පැහැදිලි කරමින් “ඔබට සෑම ආකාරයකින්ම පිරිමින් පිනවන දේ මිලදී ගත හැකිය. නමුත් ඔබට G Spot නම් බීම කෑන් එකක් මිලදී ගත නොහැක.” ඇය සඳහන් කළේ හුදෙක් ටැබූ එකක් යනු විකාරයක් ලෙස නිවැරදි කරමිනි.

Anderson ගේ “Want” නම් කාන්තාවන්ගේ ලිංගික බලාපොරොත්තු පිළිබඳ ලියැවුන සංග්‍රහය කියවීම සඳහා ඇය සමඟ වේදිකාවක් බෙදා ගත් Wilde තම මිතුරිය ගැන කියා සිටියේ “Gillian කියන්නේ එක් රාමුවකට සීමා කරන්න බැරි මනුස්සයෙක්. ඇය කලාකාරිනියක්. ඇය බැඳී සිටින්නේ නෑ. ඇය නීති බිඳනවා” ලෙසයි.

“ඇය ටැබූ එකක් ව්‍යාපාරික සිරස්තලයක් බවට පත් කරමින් සිටිනවා” Wilde පැවසීය. Wilde කියන විදිහට ඇය G Spot එකෙන් කරපු තවත් දෙයක් නම් කාන්තාවන්ගේ ආශාව නීච දෙයක් නොවන බවත් ඒවා වචනාර්ථයෙන් ලෝකය සහ සංස්කෘතිය ගොඩනඟන බවත් පසක් කර දීමයි.


හඬක් බවට පත් වූ අහඹු ව්‍යවසායකයා

Anderson කියන විදිහට තමන් කවුද කියලා පෙන්නලා ඇගේ චරිතවලින් පිටත මහජන අවධානය කිසි විටෙකත් රස විඳ නැත.

නමුත් “brand people” සමඟ වැඩ කරන විට ඇයට ලැබුන දත්තයන්ගෙන් සහ ඇයව අනුගමනය කරන කාන්තාවන්ගෙන් අසන්නට ලැබුන දේ වලින් Anderson තේරුම් ගත් දෙයක් නම් ඇය බලාපොරොත්තු වන සෑමදේම පාහේ එනම් සමාන වැටුප්, විද්‍යාවේ නියෝජනය, කාන්තා ආශාවන් සාමාන්‍යකරණය කිරීම ඇගේ ප්‍රේක්ෂකයින්ටත් ඇයට මෙන්ම ශබ්ද නඟා පැවසීමට අවශ්‍ය දේවල් විය.

ඒ නිසා functional beverages ලයින් එක වර්ධනය වන විට ඇගේ හඬත් එසේම විය.


කෑන් එකෙන් සංස්කෘතික පිළිතුරක්

G Spot යනු පානයක්ම පමණක් නොවෙයි; එය සජීවී වෙළඳ නාමකරණයෙන් ඔතා ඇති නිහඬ විප්ලවයකි.
එක් එක් කෑන් හුදෙක් ක්‍රියාකාරිත්වයට පමණක් නොව කාන්තාවන්ට ඔවුන්ගේ හැගීම් ගැන කතා කිරීමට, සිනාසීමට, අවශ්‍ය වීමට හා කාන්තාවන්ට සමාව අයැදීමකින් තොරව නිදහස භුක්ති විදිමට අවසරයක් ද වේ.

පිරිමින්ගේ කතා දිගු කලක් ආශාවන් ආධිපත්‍යය දැරූ ලෝකයක Anderson අවසානයේ ප්‍රතිවිරුද්ධ පිළිතුරක් ඉදිරිපත් කර ඇත.

පිස්සු හැදෙන එකක්.
රසවත් එකක්.
අවශ්‍ය එකක්.

Anderson පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට ප්‍රතිචාර දැක්වූයේ ඇයට පමණක් හැකි ආකාරයටයි. ඒ G Spot සමඟයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...