පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

Date:

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ.

මේ හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය දෙසට පස් හා ගල් පෙරළී ඇති අතර මාර්ගය අයිනේ තිබූ වෙළඳසැලකටත් මාර්ගය අයිනේ නතර කර තිබූ වාහන කිහිපයකටත් අලාභ හානි සිදුව ඇති බව සඳහන්.

හානි වූ වෙළඳසැල තුළ සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. එහි සිටි තවත් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවක් වාර්තා වන අතර ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වාර්තා විය.

මේ තත්වය තුළ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...