අඩුකළ ඖෂධ ලැයිස්තුව සහ මිල ගණන් මෙන්න!

Date:

කොළඹ LNW:මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඖෂධ නියාමන අධිකාරිය විසින් එම මිල පාලනය සිදුකර තිබෙන අතර 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතුව පවතින අතර එම නියාමන කටයුතු 2016 වසරේ සිට සිදු කළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 වර්ෂයේ දෙසැම්බර් මස සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වී තිබූණි.

මෙම වාතාවරණය තුළ පෞද්ගලික ඖෂධ අලෙවිකරුවන් සහ පෞද්ගලික රෝහල් පවා කිසිදු පාලනයකින් තොරව වැඩි මිල ගණන් අය කරන බව ද නිරීක්ෂණය වූ බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබුණේ.

මෙම තත්ත්වයට විසදුමක් ලෙස ඖෂධ මිල නියාමනය සම්බන්ධව පසුගියදා නව ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර එම ගැසට් පත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනුණි.

ඒ අනුව ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 350 ක මිල පාලනය සිදුකර ඇති අතර පාලන මිල නියම කිරීමත් සමග පිළිකා රෝගීන්ට මෙතෙක් රුපියල් 42,000 කට පමණ අලෙවි කළ (Paclitaxel (Protein bound particles) for injectable suspension 100mg/vial) එන්නතක් රුපියල් 26,332 ක් දක්වා ද අංශභාග රෝගීන්ට ලබාදෙන (Nimodipine IV Infusion BP 10mg/50ml) රුපියල් 6,348 ක ඖෂධයක් රුපියල් 4,100 දක්වා සැලකිය යුතු මිලකින් පහත බැස ඇත.

එලෙස ඖෂධ වර්ග 350ක මිල පහත දැමීමට අවශ්‍ය කටයුතු ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකර තිබේ.

එම මිල පහත වැටුණු ඖෂධ වර්ග ලැයිස්තුව පහතින් දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...