අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

Date:

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳව මෙහිදී එම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිත අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී මෙම රැස්වීම පැවැත්වෙයි.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහන බිම්මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් පුළුල් ලෙස මෙහිදී දැනුවත් කෙරෙනු ඇති.

රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව , සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව , ප්‍රජා ශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධති සහ අවකාශ පිළිබඳ හඳුන්වාදීම , අල්ලස් හා දූෂණ පිටුදැකීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ රටම එකට ජාතික මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සක්‍රීයදායකත්වය ලබා ගැනීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...