සජිත්ගෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ටියුෂන් පන්තියක් !

Date:

මුදල් අමාත්‍යාංශය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැවැත්වී තිබිණි.

තරමක් ප්‍රමාද වී එහි පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා තිබුණේ දරිද්‍රතා මට්ටම (poverty line) පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම ප්‍රශ්නයට පිළිතුරු සංඛ්‍යාලේඛන නිලධාරියාට පවරා ඇත.

එහිදී එම නිලධාරියා 2019 වසරේ සංඛ්‍යා දත්ත අනුව දරිද්‍රතා මට්ටම විග්‍රහ කර තිබේ.

ඊට වහාම ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා විමසා ඇත්තේ දැන් 2022 වසරේ අගභාගය ගතවෙද්දීත් 2019 වසරේ දත්ත අනුව දරිද්‍රතා මට්ටම මැනීමේ තේරුම කුමක්ද යනුවෙනි. විශේෂයෙන් ගතවූ වසරක කාලය තුළ පවා උද්ධමනය ඉහළ ගොස් ඇති ආකාරය අනුව සහ රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම අනුව මීට වසර තුනකට පෙර දත්ත භාවිතා කරමින් දරිද්‍රතාව පිළිබඳ කතා කිරීමේ වරද ඒ මහතා විසින් පෙන්වා දෙද්දී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කට උත්තර නැතිව ගොස් ඇති බව සඳහන්.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මෙසේ දරිද්‍රතා මට්ටම පිළිබඳවත් පැරණි දත්ත භාවිතයෙන් මතුවන ගැටලු පිළිබඳවත් විස්තර කරමින් සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රගති සමාලෝචන රැස්වීම අවසන් කිරීමට උත්සාහ දරා ඇති අතර ඊට ද ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා විමසා ඇත්තේ පාර්ලිමේන්තුවේ මෙවැනි කටයුතු සඳහා විපක්ෂයේ දායකත්වය ආණ්ඩු පක්ෂයට අවශ්‍ය නොමැතිද යනුවෙනි.

රැස්වීම අවසන් වීමෙන් අනතුරුවත් ඊට සහභාගී වූ පිරිසෙන් කොටසක් විපක්ෂ නායකවරයා එහිදී අදහස් දැක්වූ ආකාරය අගය කරමින් එකිනෙකා සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...