රට විනාශ කළ, රට බංකොලොත් කළ හොරු අයවැයට පක්ෂව ඡන්දය දුන්නා – විපක්ෂ නායක (VIDEO)

Date:

රට බංකොලොත් කළ, රට විනාශ කළ හොරුන් 2024 අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාලා විවේචන ඉදිරිපත් කළාට ආණ්ඩුව වැඩි ඡන්දයෙන් අයවැය සම්මත කරගත්තා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද ?

“පුදුමයක් වෙන්න දෙයක් නැහැ. රට විනාශ කරපු, රට බංකොලොත් කරපු හොර හැතිකරයට 122ක හොර වරමක් රට බංකොලොත් කරපු වරමක් ලබාදුන්නු අවස්ථාවක්. ඉතින් මම ඔය වගේ දේකට පටහැණි ප්‍රතිඵලයක් මේ දේශපාලන වහල්ලුන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ”

ප්‍රශ්නය – නමුත් මුලින් අයවැය ගැන ආණ්ඩුව පැත්තෙන්ම යම් විවේචනයකුත් තිබුණා නේද ? නමුත් අවසානයේදී අයවැය පරාජය වෙන්නෙ නෑ …

“ඒක ගැන පුදුම වෙන්නෙත් නෑ. මොකද ලක්ෂ 220ක් මේ රටේ ජනතාව අන්දවන නරිනාටක, නාඩගම් තමයි අපට ආණ්ඩු පාර්ශ්වයෙන් දකින්න ලැබෙන්නෙ. ඉතින් මං හිතන්නෙ තවදුරටත් මේ රටේ ජීවත් වන්නේ ලක්ෂ 220ක් මෝඩයෝ කොට්ඨාසයක් හැටියට සලකලා තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඉදිරි ජනවරමේදී බලාගන්න පුළුවන් හැමෝගෙම පැටිකිරිය”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...