රශාන්ගෙ පුතා රෙහාන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ඔහුට හැකියාවක් තිබිණ.ලෝකයට විවර වූ පළමු මොහොතේම ඔහු ලෝකයේ දක්ෂතමයෙක් විය.ඒ 1999 වසරේදී අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පැවත් වූ මොහොතේ එම තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා වෙමින්ය.එවර ඔහු කඩුල්ල පිටුපස සිට පෑ හපන්කම් ලොව මෙතෙක් බිහි වූ හොඳම කඩුලු රකින්නා ලෙස සළකන රොඩ්නි මාෂ්ගේ ද විශේෂ ඇගයීමකට ලක් විය.ඔහු රෂාන් පීරිස් ය.


යුවරාජ් සිං,මොහොමඩ් කයිෆ්,ෂේන් වොට්සන්,මයිකල් ක්ලාක්,තතේන්ද්‍ර තායිබු,බ්‍රෙන්ඩන් මැකලම් යන ක්‍රීඩකයින් හා සමව දස්කම් දක්වමින් මේ තරගාවලියේ කැපී පෙණින.අනු සූරතාවය දිනා ගත්තේය.එය අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමක් අදටත් අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයක දැක් වූ ඉහළම දස්කම වන්නේය.


එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉයන් ඩැනියල්ය.වැඩිම කඩුලුලාභියා වූයේ රනිල් ධම්මිකය.තරගාවලියේ හොඳම පන්දු රකින්නා වූයේ රශාන් පීරිස් ය.මේ තිදෙනාගෙන්ම ජාතික කණ්ඩායමට වැඩක් ගත්තේ නැත.ඒ අතරින් රශාන් කෝල්ට්ස් වෙනුවෙන් ක්‍රීඩා කර පළමු පෙළ තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩකයා ද විය.දස්කම්වලට ඉඩ නෑරෙන තැන ඔහු ක්‍රීඩක දිවිය හමාර කර පුහුණුකරු දිවියට පිවිසියේය.එහිදී ඔහු දක්ෂයන් තනන්නට දායක විය.අවිශ්ක ප්‍රනාන්දු වැන්නන් රශාන්ගෙන් ක්‍රිකට් සිප් බී අයය.දැන් ඔහු කොළඹ රාජකීය විද්‍යාලය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට ගෙන එමින් තිබෙන මොහොතකි.එහි සිටින හෂාන්ගෙ ලෙයින් ද දැණුමෙන් ද නිර්මාණය වූ රෙහාන් පීරිස් අනාගතය ගැන සුබ සිහින අතුරමින් සිටින්නේය.


රෂාන් ගේ ක්‍රිකට් ජීවිතයට නොතිබුණ භෞතික වටිනාකමක් අද රශාන්ගේ පුතාගේ ක්‍රිකට් ජිවිතයට දී ඇති නිසා ඔහුට යන ගමන පැහැදිළිය.රශාන් ක්‍රිකට් ගැහැව්වේ එල්ලේ ගසන්නට ඇවසි වත්කමවත් නොමැති පරිසරයකය.එහෙත් ඔහුට විශාල හැකියායක් තිබුණ ද භෞතිකව ජයග්‍රහණ කරා යන්නට එය ප්‍රමාණවත් නොවුණු බව අපේ විශ්වාසයය.අද රශාන්ගේ පුතා මහා ධනවත් පසුබිමක නොවුණ ද,ඊට වඩා පිරුණු තැනෙක සිට රශාන් ආරම්භ කළාටත් පෙර සිය කුසලතා එළි දක්වමින් සිටියි.
ගෙවුණු රාජකීය සහ ශාන්ත තෝමස් මහා ගැටුමේ දී 14 හැවිරිදි රෙහාන් ආරම්භක පිතිකරුවා වූයේ පියා පුහුණුකරු නිසා නොවේය.ඔහු ඒ වන විටත් රාජකීය ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගයක ශතකයක් ලබා සිටි ලාබාලම ක්‍රිඩකයාව සිටියේය.නමුත් මහා තරගය ඔහුට එතරම් සතුටුදායක අත්දැකීමක් නොවී ඔහු දුවද්දී දැවි ගියේය.එහෙත් ඒ වාඩුව වඩා ඉවසිලිවන්තව කඩුල්ල රැක ගනිමින් ද,ප්‍රවේගකාරි වෙමින් ද පෙන් වූ රෙහාන් එක්දින තරගය ජයග්‍රහණයේ ප්‍රබලම සාධකය වෙමින් තරගයේ වීරයා වන අන්දමේ ඉණිමකට දායක විය.


තවමත් 15 න් පහළ ක්‍රීඩා කරන රෙහාන් 15 න් පහළ විශේෂ දක්ෂයන් එකතු කරමින් පවත්වන තරගාවලියේ ඔහු නියෝජනය කරන කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිව රෙහාන් තරතාවලිය ආරම්භ කරන්නේම ශතකයකින්ය.පන්දු 116 ක් තුළ රෙහාන් වාර්තා කළ එම ශතකය නිසා කොළඹ දකුණ කණ්ඩායමට තරගයෙන් ලකුණු 166 ක් දිණුමක් ලබා ගන්නට හැකි විය.
වඩාත් පළල් වී ඇති ක්‍රිකට් පොළවක සිය පුතාව තමන්ව නොදුටු ඇස් දකිනු ඇතැයි රශාන්ගේ වචන බවට පත් නොවන සිහින තුළ ඇති බවට සැකයක් නැත.ඒ සිහින තල්ලු කර යථාර්තය දකින්නට මේ අවුරුදු 15 කඩඉමට ළවෙමින් සිටින ක්‍රීඩකයගේ පිත්තෙන් කරන බලපෑම ජාතිකමය අනාගතයක සිහින පිරුණු එකක්ය.ඉක්මණින් මේ ගැටවරයන් දකින් සිහින යථාර්තයක් වන්නට අවශ්‍යය අයිසීසී තහනමේ කළු වළාවන් ඉවත් කළ හැකිනම් රෙහාන්ලා යනු මැනවින් කළමණාකරනය කළ යුතු අනාගත ලාංකේය ක්‍රිකට් පිළිබඳ පුරවැසි සංතෝශයක් බවට විවාදයක් නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...