ප්‍රවීනයන් වැසුණු සතියක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 23, (LNW) කොළඹ: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ප්‍රධාන ක්‍රීඩා සමාජ සහභාගිවන කාන්තා පන්දුවාර 50 තරගාවලියේ අරමුණු සාක්ෂාත් සතියක් බවට ඉකුත් සතිය පත් වුණා.ජාතික කණ්ඩායමේ අත්දැකිම් ඇති ක්‍රීඩිකාවන් සමඟ යොවුන් ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයකට උරෙනුර ගැටී සිය හැකියාවන් ඉහළ මට්ටමට ගෙන ඒමට,ලාංකේය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සැකසි පාළමක් ලෙස දැකිය හැකි මෙම තරගාවලියේ තරගවල තීරණ වෙනස් කිරීමේ හැකියාව පෙන්නුම් කරමින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අභිබවා තීරණාත්මක සාධක වෙන්නට වෙනත් ක්‍රීඩිකාවන් පෙරට පැමිණියා.

ඒ අතරින් ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබන්නට යුද හමුදා කණ්ඩායමට මාවත සකස් කළ සදිනි ද සිල්වා ඉකුත් සතියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 15 ට කඩුලු 5 ක් දවා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 108 ට සීමා කරනු ලැබුවා.පන්දු ඕවර් 50 පන්දුවට පහර දුන් පළපුරුදු ක්‍රීඩිකාවන්ගෙන් යුත් ගුවන් හමුදාව කඩුලු 9 ක් දැවී ලබා ගත් ලකුණු 108 නිසා යුද හමුදා කණ්ඩායමට කඩුලු 4 ක් දැවී ලකුණු 113 ක් ලබා තරගය ජය ගැනීම පහසු වුණා.

එවැනිම අනපේක්ෂිත පරාජයක් නාවික හමුදා කණ්ඩායමට උරුම කර දෙන්නට සමත් වෙමින් චිලව් මේරියන්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන ඉමේෂා දුලානි (80) සහ අවුරුදු 19 න් පහළ නායිකා මනුදි නානායක්කාර (53) විශිෂ්ට ඉනිම් දෙකක් ක්‍රියාත්මක කරන්නට සමත් වුණා.ලකුණු 187 ක ඉලක්කයක් හඹා ගිය මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් තෙවන කඩුල්ලට ලකුණු 112 ක සබඳතාවයක් පවත්වමින් ඉමේෂා සහ රනුදි ජයග්‍රහණයේ මාවත සකස් කළ අතර ඉමේෂා ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිස ලකුණු 171 වන තෙක්ම පිටියේ රැදී කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම ඉටු කිරිම කැපී පෙණුනා.

එසේම ලකුණු 187 ක නාවික හමුදාව නවතාලීමේ ක්‍රියාවේදී ද,චිලව් මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන පන්දු යැවීම සිඳු කළේ ද,තවත් කැපී පෙනෙන තුන් ඉරියව් දක්ෂතා ඇති යොවුන් ක්‍රීඩිකාවක වන දෙව්මි විහංගා යි.ඇය හර්ෂිතා සමරවික්‍රම,ප්‍රසාදිනි විරක්කොඩි වැනි ප්‍රවීනයන්ගේ කඩුලු ද සමඟ පන්දුවාර 10 ක් යවමින් නාවික හමුදා කඩුලු 3 ක් ලකුණු 26 ට දවා ගනිමින් කැපී පෙණුනා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...