ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරග තුනක

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 23, (LNW) කොළඹ: බහරේන් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ කාන්තා කේවල තරග නියෝජනය කරන රනිත්මා ලියනගේ සහ පිරිමි යුගල තරග නියෝජනය කරන දිනුර රශ්මික සහ සියත් සේනාරත්නත් සිය තරග ජයග්‍රහණය කරන්නට සමත් වුණා.එම තරග ජයග්‍රහණ සමඟ රනිත්මා අවසාන පූර්ව වටයට පිවිසීමේ භාග්‍යය උදා කරගත්තා.දිනුර සහ සියත් ද එම ජයග්‍රහණයත් සමග අවසන් පූර්ව වටය නියෝජනයට සුදුසුකම් ලබා ගනු ලැබුවා.

මේ අතර බොට්ස්වානා ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කරන හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩ ද එම තරගාවලියේ කාන්තා යුගල තරග දෙකකම ජයග්‍රහණ අත් කර ගනිමින් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට සමත් වුණා.

රනිත්මා සිය ප්‍රතිවාදිනිය වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරන මීෂා ඔමෙර් කාන්ට එරෙහිව ලකුණු 22-20 සහ 21-8 ක් ලෙස ජයග්‍රහණය අත් කර ගත්තා.දිනුර සහ සියත් අවසාන පූර්ව තරගයට පිවිසීම සඳහා පරාජය කළේ කසකස්තානයේ දිමිත්‍රි පනරින් සහ මක්සුට් තජිබුලෙව් යන යුගලයයි.එහිදී ලකුණු 19 – 21,21-11 ක් සහ 21-15 ක් ලෙස තරගය වට 3 ක් ඇදී ගියා.
රනිත්මා අද 26 හැවිරිදි විවිධ ජයග්‍රහණ සහිත ජපන් ක්‍රීඩිකාවක වන ෂිහෝරි එබිහරා මුණ ගැසීමට නියමිත අතර දිනුර සහ සියත්ගේ ප්‍රතිවාදීන් වන්නේ පිලිපීනය නියෝජනය කරන ක්‍රිස්ටියන් බර්නාඩෝ සහ ඇල්වින් මොරාඩා යි.බහරේන් තරගාවලියේ පළමු අදියරේ ලෝකඩ පදක්කමක් ජය ගත් ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා අර්ධ අවසන් පූර්ව වටයේදී අවාසනාවන්ත ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මීෂා ඔමෙර් ඛාන් සහ ටාබියා කාන් අතින් ලකුණු 21-11 සහ 21 – 7 ක් ලෙස පරාජයට පත් වුණා.

බොට්ස්වානා තරගයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී හසිනි සහ හසාරාට ප්‍රතිවාදිනියන් ලෙස හමුවිය යුතුව තිබුණු උගන්ඩාවේ කෘතුම් නලුමන්සි සහ මෙබ්ලේ නාමකොයේ තරගයට නොපැමිණි නිසා නිතරග ජයක් හිමි වුණා.පළමු තරගයේදි ඔවුන් දෙදෙනාට හමු වූ බොට්ස්වානා හී නැන්සි ඛාකා සහ ට්සොෆෙලී විලී පරාජයට පත් කළේ ලකුණු 21 – 10 ක් සහ 21 – 7 ක් ලෙසයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...