වේයන්ගොඩ නිධන් හෑරීමෙන් අන්තිමට ලැබුණු දේ !

Date:

වේයන්ගොඩ, වඳුරව අධිවේගී මාර්ගය ඉදිකෙරෙමින් පවතින ප්‍රදේශය ආසන්නයේ නිධානයක් ඇතැයි කියන ස්ථානයේ කැණීම් තුන්වෙනි දිනටත් අද (නොවැම්බර් 23) සිදුකරනු ලැබිණි.

ඊයේ දිනයේදී එහි මතුවුණු ගල් තලාවක් කඩා ගොඩ ගැනීම අද දිනයේ සිදුකෙරුණු අතර පස්වරුවේදී ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි කුඩා කැබලිවලට කඩමින් පරීක්ෂා කළත් කිසිදු ආගන්තුක දෙයක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

ගල් කැබලි ගොඩගැනීමෙන් අනතුරුව කැණීම් කළ ස්ථානය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ ද එම යන්ත්‍රයෙන් කිසිදු දෙයක් පෙන්වා නොමැති බවත් සඳහන්.

මෙම ස්ථානයේ මීට පෙර කණ්ඩායම් කිහිපයක් විසින්ම නිධන් හෑරීම සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් භික්ෂුවක් ඇතුළු 09 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ අනුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගයක් පරිදි වේයන්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් පසුගිය දින තුනේ මෙම නිධන් කැණීම සිදුකෙරිණි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය, රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනාදී රාජ්‍ය ආයතන කිහිපයක්ම මීට දායකත්වය දී තිබුණු අතර මෙරට රාජ්‍ය ආයතන දායකත්වයෙන් නිධන් හෑරීමක් සිදුකෙරුණු පළමු අවස්ථාව මෙය බවත් පැවසේ.

මෙම ස්ථානයෙහි පුරාවස්තු කිසිවක් නොමැති බවත් මෙහි කැණීම් කරන්නේ මිත්‍යා මතයක් අනුව බවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණවලින් පසු ප්‍රකාශ කර තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ස්කෑන් පරීක්ෂාවක් සිදුකර මෙහි යම්කිසිවක් ඇතැයි පැවසීම හේතුවෙන් මෙම කැණීම් සිදුකර ඇති බවත් වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...