සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 23(LNW) කොළඹ :
ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සඳහා ඉන්දියාවේ හැසිරීම අතිශයින් තීරණාත්මකය.භූ දේශපාලන යථාර්තයෙන් ගත් විට ඊට එරෙහිව නැඟී සිටීම සහ ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම වැනි කාරණා දේශපාලනික වශයෙන් යමෙකුට ජනප්‍රියත්වය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග වුව ද,ඒවා ඇත්ත පොළවේ දී පපඩම් බවට පත් වෙන ප්‍රලාපය.
සංස්කෘතික මිනිසා සකස් වී ඇත්තේම ඉන්දීය ආභාෂය මතය.ඒ නිසා චින්තන රටාවේ වෙනස් තැන් සඳහා ඉන්දියාව වෙනස් වන තරමටවත් අප වෙනස් නොවී තිබෙන්නේ ඒ අල්ලා ගත් සීමා පවුරු ඇතුළේ සිරිය විඳිනු විනා විද්‍යාාවෙන්,තාක්ෂණයෙන් නවීනත්වයට පත්වීමේ උවමනාව සපිරි දේශපාලනික සංදර්භයක් සමාජය තුළ ස්ථාපිත කිරීම,දේශපාලනය විසින් දේශපාලන පැවත්මේ උවමනාව මත මඟ හැර සිතන නිසාය.
අලුත් රජය මත පැටවෙන එක් අභියෝගයක් වන්නේ අපේ අනන්‍යතාවයන් හී හැඩ රුව තබාගෙන සමාජය වෙනස් කරමින් විද්‍යාව සහ තාක්ෂණික වශයෙන් පෝෂණය කිරීමේ අවශ්‍යයතාවය ඉටු කිරීමය.මිත්‍යාව පැවත්ම කර ගත් දේශපාලනය මත විද්‍යාව අත හැරීමේ අභියෝගයේදී වඩාත්ම අසීරු කාරණාව වන්නේ ඉන්දීය ආභාෂය මත පැමිණි මිත්‍යාවන් ලාංකේය සමාජය තුළ මුල් බැසගෙන ඇති අරටුව විශාල එකක් වීමය.ඉන්දියානු දේශපාලනය ඒ සමාජ හැඩය සමඟම,ඒවා සංස්කෘතික වශයෙන්,ආගමික වශයෙන් වින්දනීය තැනක සහ වන්දනීය තැනෙක පිහිටුවා,ඒ අතරේම අලුත් සමාජයට අවශ්‍යය තාක්ෂණීක සහ විද්‍යාත්මක පදනම තහවුරු කරමින් ඇත.
අභ්‍යවකාශය දක්වා විහිදෙන දැණුම පදනම් වූ ලෝක දේශපාලනයේ බලවත් නියෝජනයක් මතු පරපුරට උරුම කර දීම ඔවුන්ගේ අපේක්ෂාවය.ලෝකයේ බලවත්ම පරිගණක තාක්ෂණය සම්බන්ධ දැණුම සහිත නිෂ්පාදනාගාරයක් බවට ඉන්දියාව පත් වෙමින් සිටින්නේය.එසේම ඉන්දීය ආභාෂයක් ලෙස අප සතු කර ගත් හරන් මස් විරෝධය වැනි කරුණු ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සාර්ථකත්වය හින්දු ආගම නිසා හරක් මස් නොකෑම ලෙසට උදාහරණ ගෙනෙන අවස්ථාද අපි දැක ඇත්තෙමු.එහෙත් ඇත්ත කතාව අපනයනය සඳහ හරක් මස් නිෂ්පාදනයේ ලෝකයේ දෙවන තැන ඉන්දියාව සිටීමය.හරකාට ගරු කරන ආගමික පිරිසට ඊට අවශ්‍යය පරිසරය ස්ථාපිත කරන අතරේම සිය රටට ලැබෙන විශාල ආදායමට හරකෙක් මෙන් පයින් ගැසීමට ඉන්දීය දේශපාලනය මෝඩ වී නැත.
එකිනෙකට වෙනස් මතවාද,ඇදහීම්,සමාජ තත්ත්වයන් මේ සියල්ල සම්බන්ධයෙන් ඉන්දියානු ආකල්පය එන්න එන්නම නමණීය වෙමින් ඇත.විශේෂයෙන් ඔවුන්මිනිසුන්ගේ විවිධ ලිංගික අනන්‍යතා සහ රුචිකත්නවයන් ආගමෙන් කියවීම වෙනුවට විද්‍යාවෙන් කියවා ගැනීමට තරම් පොහොසත් මට්ටමකට පත් වී ඇත.එවැනි සාධනීය සමාජ වෙනස්කම් සමඟ ලෝකයේ බලවත් රටවල් අතර ගැවසෙන්නට උත්සාහ කරන ඉන්දියාව එම බලවත්කම සාක්ෂාත් කරන්නට ගන්න ධනාත්මක උත්සාහයක ප්‍රතිපලයක් ලෙස 2036 ඔලිම්පික් උළෙල සඳහා අයදුම් කර ඇත.
ඒ වෙනුවෙන් අහමදාබාද් තෝරාගෙන ඇති අතර අවධානය යොමු වී තිබෙන්නේ එහි ඉදිවන Sardar Vallabhbhai Patel Sports Enclave (SVPSE) වෙතය.මේ වන විට එම ක්‍රීඩාංගණය නැත්නම් ක්‍රීඩා සංකීරණය ඉදිකිරිම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.
ඉදි කිරිමට අපේක්ෂිත ක්‍රීඩා සංකීරණය සම්බන්ධයෙන් පළ වී ඇති නිර්මාණාත්මක සිතුවම් කිහිපයක් ද මේ සටහන සමඟ ඉදිරිපත් කර ඇත.ඒ සඳහා මේ වන විටත ප්‍රංශ – ඉන්දියානු සහයෝගීතාවය පදනම් කරගෙන ප්‍රංශයේ උපකාරයද කැමත්ත ද හිමිවන බව ප්‍රකාශ වී ඇත.බොහෝ විට සාර්ථක ඔලිම්පික් උළෙලක ගෞරවය සමඟ ප්‍රංශයේ උපදේශකත්ව සහ මාර්ගෝපදේශන සහයෝගයද ඉන්දියාවට ලැබෙන්නට ඉඩ ඇත.
මේ වන විට රටවල් විශාල ප්‍රමාණයක් 2036 සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගෙන සිටින මොහොතක මෙම ක්‍රීඩා උළෙල දිනා ගැනීම සඳහා ඉන්දියාවට කැමත්ත දිනා ගැනීම වැදගත්ය.එහිදි මේ කාර්යයට සහයෝගය දක්වමින් ඉන්දියාව සමඟ සිට ගැනීමට ශ්‍රී ලංකාවේ ඉදිරිපත් වීම ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටද අතිශයින් වැදගත් වනු ඇත.
දැන් ඒ සම්බන්ධයෙන් තිබෙන ගැටළුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට එල්ල කර ඇති චෝදනා ය.එය සමහර විට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව නොපිළිගන්නා තැනකට පත් වුවහොත් ශ්‍රී ලංකාවට ඉන්දියාව ඔලිම්පික් දිනා ගැනීම සඳහා කරන සටනේ හවුල්කරුවෙකු වීමේ අවස්ථාව ගිලිහී යන්නට පුළුවන්ය.ඒ නිසා මේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා ඔලිම්පික්,නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් එක මේසයකට කැඳවා අන්තර්ජාලය හරහා සාකච්ඡා පැවත්වීම වඩාත් වැදගත්ය.එවිට ලංකාවේ නිතිපති දෙපාර්තමේන්තුව මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් ද එකඟ වන තීරණයකට ශ්‍රී ලංකා ආණ්ඩුවට මැදිහත් වන්නට ඉඩ ලැබෙනු ඇත.එසේ වුවහොත් දේශපාලනික මැදිහත්වීමක් නොවන ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ද නෛතික තත්ත්වයන් තුළ පිහිටුවා ගන්නා තීරණයකට එන්නට ආණ්ඩුවට හැකි වනු ඇත.
ඉනික්බිති 2036 අහමචාපාද් සිහිනය සැබෑ කර දෙන්නට ඉන්දියාව සමඟ සිට ගැනීමේ අවස්ථාව ලැබෙන ශ්‍රී ලංකාවට ඉන්දියාවේ තාක්ෂණික පහසුකම් විශාල ප්‍රමාණයක් දිනා ගන්නට හැකියාව ලැබෙනු ඇත.දැනට නිතරම විශාප වියදමක් වැය කරන තහනම් උත්තේජක පරික්ෂා කරන උපකරණ හෝ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිනම් එය වැදගත් වෙනසක් ඇති කරන තත්ත්වයක් වනු ඇත.
මේ වන විටත් ශ්‍රී ලංකාව 2036 වන තෙක් ඔලිම්පික් නියෝජනයට වයස ඇති ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන තිබෙන බව දැකිය හැකිය.මලල ක්‍රීඩාව ගත් විට උදාහරණ වශයෙන් තරුශි කරුණාරත්න,රුමේෂ් තරංග,අයෝමාල් අකලංක සහ නෙත්සලා රාජපක්ෂ වැනි ක්‍රීඩිකාවන් ඉන් කිහිප දෙනෙකි.මල්ලව පොර ඉසව්වේ නෙත්මි අහිංසා ද,බැඩිමින්ටන් ක්‍රීඩාවේ රනිත්මා ලියනගේ,විරේන් නෙත්තසිංහ ද,බොක්සිං ක්‍රීඩාවෙන් උමයං මිහිරාන් ද වැදගත් කොට සැළකිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ය.
මේ පිරිස හෝ දැන්ම සංචිත ගත කර 2028 දක්වා වන වැඩ පිළිවෙලක ජාත්‍යන්තර තරගකාරීත්වය සහ පහසුකම් මත සංවර්ධනය කළ හැකිනම් වැදගත්ය.ඒ සඳහා ඉන්දියාවෙන් එක්තරා ප්‍රශස්ත මට්ටමක උපකාර ඔවුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද අවධානය කර ලබා ගැනීමට හැකිය.එසේම මෙම ඉදිකිරිම් සම්බන්ධයෙන් වන විවිධ කේෂ්ත්‍රවලට ලාංකේය ශ්‍රමය අලෙවි කර ගත හැකි මාවත් ද උදා කර ගන්නට හැකි වෙනු ඇත.ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්,තාක්ෂණ නිලධාරීන් ලෙස ක්‍රීඩාවන්ට සම්බන්ධ බොහෝ අයට දැණුම උපයා ගන්නට මාර්ග සකස් කර ගැනීමටද ඉදිරිපත් විය හැකිය.
විශේෂයෙන් දැනට හදුනාගෙන ඇති ක්‍රීඩා අතරින් මල්ලව පොර,බැඩ්මින්ටන්,බොක්සිං වැනි ක්‍රීඩාවන්වල ඉන්දියාවේ තත්ත්වය ලෝක මට්ටමින් තිබෙන්නේ ඉතා ඉහළ ප්‍රශස්ත අගයකය.මලල ක්‍රීඩාව ද ඒ ආකාරයට දියුණු තැනකට පිවිසෙමින් ඇති අතර විශේෂයෙන් පහසුකම් ඉහළ මට්ටමක පැවතීමද අවධානය යොමු කිරීමට මෙන්ම උපකාර ලබා ගත හැකි ආකාරය ගැන කතා කිරීමට විශාල ඉඩක් නිර්මාණය කරන්නේය.
රටක් හැටියට කල්පනා කළහොත් ඉන්දියාව සමඟ එක් වී ඔලිම්පික් උළෙලක් නොව ආසියානු ක්‍රීඩා උළෙලක් හෝ ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු සහයෝගීතාවය මත පැවත්වීමේ යෝජනාවක් ගැනත් ලංකාවට කල්පනා කළ හැකිය.ඒ සඳහා යාපනයේ ඉහළ මට්ටමේ ක්‍රීඩාංගණ පහසුකම් ස්ථාපිත විය යුතුය.එසේම මේ වන විට යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාවද ඉහළ එමින් පවතින නිසා ශ්‍රී ලංකාවට අඩුව පවතින දිවා රාත්‍රී තරග පැවත්විය හැකි ඉතිරි ක්‍රීඩාංගණය යාපනයේ ඉදිකිරීම ද වැදගත්ය.
යාපනය ගුවන් තොටුපළ ඉතා ඉක්මණින් ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළක් කළ හැකිනම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වුව වාසිදායක විය හැකිය.යාපනයේ ජනතාව අතර යුරෝපයට යා හැකි උනන්දුව මෙන්ම ඒ උනන්දුව අඩු කරන දුරකතර ගෙවාගෙන ගුවන් ගත විමට පැමිණෙන කාලය අඩු කිරීමෙන්ද යුරෝපය සහ ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කර ගැනීමට හැකිය.
විශේෂයෙන්ම ඉන්දියානු වැසියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෙහෙවින් ප්‍රිය කරන නිසා විශාල ඉන්දියානු ප්‍රෙක්ෂකාගාරයක් ද යාපනය වැනි තැනක තරග පවත්වන විට කැඳවා ගන්නට හැකි වනු ඇත.අදටත් මතීශ පතිරන වැනි ක්‍රීඩකයෙකුට ඉන්දියානුවන් ලංකාවට වඩා ගෞරවයෙන්,ආදරයෙන් සහ භක්තියෙන් සළකන බව ඇත්තය.බන්දියාව 2036 අහමදාබාද් ඔලිම්පික් සිහිනයට අනිවාර්යෙන්ම ක්‍රිකට් ද ගෙන එන නිසා මේ සියලු කාරණා ගැන ඊටම ගැට ගසා හිතීම රජය පමා නොකළ යුතුය.
වෙනත් දේශපාලන ප්‍රවාහයකට පළුඳු කළ නොහැකි ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රීඩා සහයෝගීතාවයක් ඇති කර ගැනීම නොපමාව සිඳු කළ හැකිනම් ශ්‍රී ලංකාවට මැදිහත්කරුවෙකු වී ඉන්දියාව එම සිහිනයේ යථාර්තය කරා උද්යෝගයෙන් ඇඳ ගෙන යාමට මෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා ගැටළුවලට ද ඉන්දියාවේ සහය ලබා ගැනීමටද හැකි වෙනු ඇත.
අපට ආඩම්බරයට කිව හැකි කරුණු කොතෙකුත් ඇත.එහෙත් ඉතිහාසයේ සිට අපි ඉන්දියාවේ හෙවනැල්ල වැටුණු රටක් බව අමතක කළ නොහැකිය.ඔවුන්ගේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ සමානකම් බොහෝ විට ජීවන චර්යාව එක්ක පෙනෙන්නට ඇත්තේ ඒ ඇත්ත ජානමය ස්වභාවය නිසාය.එහෙත් ඔවුන් මේ වන විට අපව පසුකර ගොස් ආකල්මය මෙන්ම භෞතිකවද අපට ඉදිරියෙන් සිටින බව ඇත්තය.එවැනි තත්ත්වයක රටේ ස්වාධීනත්වයට හානියක් නොවන්නට උපකාර ලබා ගත හැකි මාර්ග ගැන දේශපාලනිකව කල්පනා කිරීම සහ සැළසුම් කිරීම මේ රටේ ක්‍රීඩාවට නොවන සමස්තයටම යහපතක් වෙන වැඩකි.