වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් 90 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වියට්නාමයට දින ගණනක් පුරා ඇදහැලෙන අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයන් 90 දෙනෙකු මියගොස් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

රට පුරා නිවාස 186,000 කට හානි සිදුවී ඇති අතර පශු සම්පත් මිලියන තුනකට වඩා ගසාගෙන ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් වියට්නාම රජය ඇස්තමේන්තු කරන්නේ පවුම් මිලියන සිය ගණනක හානියක් සිදුවී ඇති බවයි.

දැඩි ලෙස පීඩාවට පත්ව ඇති දකුණු සහ දකුණු-මධ්‍යම වියට්නාමයේ පොකුරු වශයෙන් පිහිටා ඇති ක්වාං න්ගයි, ගියා ලායි, ඩැක් ලක්, ඛාන් හෝවා සහ ලැම් ඩොං යන පළාත් වෙනුවෙන් රජය හමුදා සහ පොලිසිය බලමුළු ගන්වා ඇති අතර මෙම වසරේ ජනවාරි සහ ඔක්තෝබර් අතර, අයහපත් කාලගුණය හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් 279 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති අතර ඩොලර් බිලියන 2 කට වඩා හානියක් සිදුවී ඇත.

පසුගියදා වියට්නාමයට බලපෑ කල්මේගි සහ බුවාලෝයි යන සුළි කුණාටු වලින් පසු එරටට බලපෑ නවතම ආන්තික කාලගුණික සිදුවීම මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...