අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තාවක් කැදවයි…

පාසල් ගුරුවරියන් කිහිපදෙනෙකු සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසි පාසල්වලට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අන්දමින් සම්ප්‍රදායිකව ගුරුවරියන් හා ගුරුවරුන් පාසල් පැමිණීමේදී අඳින ලද පිළිවෙළ මෙම ගුරුවරියන් විසින් මග හැරියේ ඇයි ද යන්න මෙහිදී සොයා බලන බවය.

ඒ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අදාල පාසල්වල විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, සිසුන් ඉදිරියේ ගුරු භූමිකාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සෑම ගුරුවරයෙකුට වගකීමක් පවතින බවයි.

එසේ තිබියදී තමන්ට රිසි ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට හැකියාවක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

රෂිකා හෙන්නායක
2022.11.22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම පොහොට්ටුව සහ ශ්‍රීලනිප හමු වූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...