ධීවරයින් සඳහා දිනකට භූමිතෙල් බවුසර් 50ක්

Date:

ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා ලෙස රජය අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2022 නොවැම්බර් 22 දිනැතිව මේ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කර ඇත.

ඒ අනුව ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව සඳහන්.

ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණි. නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ ඇති නමුත්, ධීවර ප්‍රඡාවට භුමිතෙල් සැපයීම නිසි ලෙස සිදු කර නැති අතර එමගින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකිවී ඇති බව ද ලිපියෙන් පෙන්වා දී තිබේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනු ලබන අතර ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම ද මෙමගින් අපේක්ෂා කෙරේ. එබැවින් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබිය යුතු ප්‍රදේශ තීරණය කිරීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දී තිබෙන බව ද අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.

පළාත් ධීවර අමාත්‍යාංශ සහ පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් ධීවර දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව හා එක්ව ධීවරයින්ට අවශ්‍ය භුමිතෙල් අනුමත සීමාවන් තුළ සැපයීම සඳහා වන වගකීම ලබාදී තිබෙන බවත්, ඒ සඳහා පෞද්ගලික, සමූපකාර හෝ වෙනත් බලයලත් ඉන්ධන පිරවුම්හල් මගින් හෝ නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් වෙත අඛණ්ඩව භුමිතෙල් සැපයීම සිදු කරන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...

දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස

නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය...