*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

දුමිදු අවසන් දහසය අතරට

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ සිට අවසන් 32 අතරට පැමිණීමට සමත් වූ දුමිදු අබේවික්‍රම එහිදී ඔස්ට්‍රේලියාවේ ජාකොබ් ස්කෝලර් පරාජය කරමින් වට 2 -1 ජයක් ලබමින් අවසන් 16 අතරට පිවිසෙන්නට සමත් විය.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 21 -13,16 -21 සහ 21 – 11 ක් ලෙසය.

ප්‍රධාන තරග සටහනේ සුදුසුකම් වටයට මුහුණ දීමෙන් තොරව ඇතුළත් වීමේ වරම් ලද විරෙන් නෙත්තසිංහ නැවත වරක් අසාර්ථක වෙමින් ඉන්දියාවේ රිතික් සංජීව් සතිශ් කුමාර් වෙතින් 21 -16 සහ 21 – 15 ලෙස පරාජයට පත් විය.තරග සඳහා වැඩිපුර සහභාගි වීම මෙන්ම ඊට මුහුණ දීමේදී ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වයන්ද මානසිකව අභිබවා යාම සඳහා විරෙන්ට ඉක්මන් මඟ පෙන්වීමක් අවශ්‍යය බව පෙනෙන්නට තිබෙන අතර ඔහු 2024 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබිය හැකි ආසන්න මට්ටමක සිටින ලාංකේය ක්‍රීඩකයා බැවින් ඔහු ගැන වැඩි අවධානයක් යොමු තළ යුතුව ඇත.

මේ තරගාවලියේ පිරිමි තේවල තරග අංශයේ පළමු 32 අතරට පිවිසීමට උථ්සාහ කරන ලද ආශිංෂන හේරත්ට සහ බුවනෙක ගුණතිලකට ද සිය උත්සාහයන් මලපල ගන්වා ගන්නට ඉඩ නොලැබිණි.කාන්තා කේවල තරග අංශයෙන් අවසාන 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමට රනිත්මා ලියනගේ ගත් උත්සාහයද ව්‍යර්ථ විය.ඇයද ඉතාම දිගු වෙහෙසකර තරගාවලි ගණනාවක සිටින අතර කයට වඩා මේ සහභාගීත්වයන්ගෙන් වෙහෙසට පත්වන මනස නිවැරදි තැනකට ගෙන ඒම වැදගත් බව පෙනී යන කරුණකි.

මේ තරගාවලියේ පිරිමි යුගල අංශයේ දී ශ්‍රී ලංකා පිරිමි යුගලයන් 3 ක් අවසාන 16 අතර සිටීම කැපී පෙණෙන සිදුවීමකි.එම 16 අතරට විරෙන් නෙත්තසිංහ සහ බුයනෙක ගුණතිලක සෘජුවම පිවිස සිටින අතර ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු යුගලයත්, මධුක දුලාංජන සහ ලහිරු වීරසිංහ යුගලයත් අවසාන 16 දෙනා අතරට විශාල සටනක් දෙමින් සුදුසුකම් ලැබීමේ වටයෙන් තේරී පත් වී ඇත.අද දවසේ දී මෙම යුගලයන් තුනම පිරිමි යුගල අංශයේ අවසාන අට දෙනා අතරට ඒමට සටනටි පිවිසෙනු ඇත.

ඔෂාමික සහ තුලිත් සිරියානු යුගලයක් වන අල්ජලාඩ් අහමඩ් සහ අද්නාන් එබ්‍රහිම්ට එරෙහිව තරග වදිති.බුවනෙකට සහ විරෙන්ට එදිරිව එන්නෝ ඉන්දියාවේ ක්‍රිශ්න ප්‍රසාද් සහ සායි ප්‍රතීක් ය.මධුක සහ ලහිරු හමුවීමට නියමිතව ඇත්තේ ද ඉන්දියානුවෝය.එහිදී ඔවුන්ට එරෙහිව තරග වදින්නේ විමල්රාජ් ආනන්දදුරෙයි සහ නවීන් ප්‍රසාත් ය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan