රන් ගිවිසුමකට ගිය රුසියාව සහ මාලි හමුදා රජය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාලි අගනුවර වන බමාකෝ හි රන් පිරිපහදු ව්‍යාපෘතියක් සම්භන්ධව ගිවිසුමක් මාලි හමුදා රජය සහ රුසියාව අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ගනුදෙනුවට ඇතුළත් වන්නේ, වාර්ෂිකව රත්‍රන් ටොන් 200ක් සැකසීම සඳහා පිරිපහදුවක් ඉදිකිරීමයි. මෙම ගිවිසුම වසර හතරක් සඳහා වලංගු වන අතර ඉදිකිරීම් සඳහා කාලය කොපමණද යන්න සඳහන් කර නැති බව විදෙස් මාධ්‍ය දන්වා සිටී.

රටේ පතල් අමාත්‍යාංශයට අනුව රත්‍රන් යනු මාලි හි ප්‍රමුඛතම අපනයන නිෂ්පාදනය වන අතර ආර්ථික වර්ධනයට එහි විශාලතම දායකත්වය සපයන්නා ද වන බව සඳහන් වේ..

මුදල් අමාත්‍ය Alousséni Sanou පවසන පරිදි මෙම ව්‍යාපෘතිය මගින් රටේ සියලුම රත්‍රන් නිෂ්පාදනය පාලනය කිරීමට සහ සියලු බදු සහ තීරුබදු නිවැරදිව ක්‍රියාත්මක කිරීමට මාලි රජයට ඉඩ සලසනු ඇති අතර, 2021 හමුදා කුමන්ත්‍රණයෙන් සහ වසරකට පසුව ප්‍රංශ හමුදා රටින් ඉවත් වීමෙන් පසු මෑත වසරවලදී මාලි රුසියාව සමග සබඳතා ශක්තිමත් කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වඩි දුරටත් වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...

වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින...

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...