බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස කටුනායක ගුවන්තොටට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සාර්ථක සංවර්ධන අරමුණු සමඟ ඉදිරියට යමින් සිටින ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය පිළීබඳ සළකා බැලීමට පියවර ගෙන ඇත.

මෙය විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය හමුවේ පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ගනු ලැබූ එක් පියවරක් සේ සැලකේ.

ඒ අනුව, මෙහි මගී පර්යන්ත ගොඩනැගිල්ලේ වහලය මත 100 kWp බලාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර, එය රු. මිලියන 19 ක පමණ වැය වන ව්‍යාපෘතියකි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිවාස 200කට විදුලිය සැපයීමට දිනකට බලශක්ති ඒකක 600 kWh ක් හෙවත් මසකට බලශක්ති ඒකක 18,000 kWh ක ප්‍රමාණවත් වනු ඇතැයි ගණන් බලා ඇත.

දැනට, ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම විසින් 210 kWp සූර්ය බලාගාරයක් ස්ථාපනය කර ඇති අතර, ලබන වසරේදී තවත් 1,800kWp ක ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇත.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ යනු ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි පාරිභෝගිකයන්ගෙන් එකක් වන අතර, 2024 අවසන් වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හි පුනර්ජනනීය බලශක්ති කොටස සමස්ත බලශක්ති ඒකක පරිභෝජනයෙන් 10% දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) නවීකරණය සහ පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති කිහිපයක් පසුගිය (20) දා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, කටාන ප්‍රාදේශීය සභාව සහ කටුනායක-සීදූව මහ නගර සභාව සපයන ලද සහයෝගයට අමතරව තවත් බොහෝ පෞද්ගලික ආයතන විසින් ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අරමුදල් ආයෝජනය කර ඇත.

කටුනායක ගුවන් තොටුපළට මෙම නව අංග එක් කිරීමෙන් දකුණු ආසියාවේ කාර්යක්‍ෂම ගුවන් තොටුපළක් බවට මෙම ගුවන් තොටුපළ පත්වෙමින් තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...