*
Thursday, November 28, 2024
spot_img

Latest Posts

ඔබෙත් සමාජ මාධ්‍යය හරහා අකමැත්තෙන් වීඩියෝ හෝ ජායාරූප ලීක් වුණාද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

පහුගිය දවස් වල සමාජ මාධ්‍යය වල විශාල වශයෙන් කතා කරපු මාතෘකාවක් තමයි මේ වීඩියෝ ලීක් වෙන එක. ඒ කියන්නේ අපේ කැමැත්තක් නැතුව අපේ වීඩියෝ හෝ ජායාරූප අන්තර්ජාලයට මුදා හරින එක. මේකට එරෙහිව ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද? මේ ප්‍රශ්න වලට නීතීඥ නාමිණී පණ්ඩිතගෙන් ලැබුණු පිළිතුරු සටහනකි මේ.

▪ මෙහෙම අවස්ථාවක ඔබට පුලුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියනවා සයිබර් අපරාධ විමර්ශන අංශයක් ඒ යටතේ සමාජ මාධ්‍ය අංශයක් ද තියනවා. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මාතර, මහනුවර වගේ ප්‍රදේශ වලත් සයිබර් අපරාධ විමර්ශන ඒකක තියනවා.

▪ඒ වගේම එවැනි වීඩියෝ හෝ ජායාරූප ඉවත් කරගැනීමට ඔබට ශ්‍රී ලංකා සර්ට් ආයතනයට ඉල්ලීමක් යොමු කරන්න පුලුවන්. එය online ආකාරයෙක් ඉදිරිපත් කරන්න පුලුවන්. ආයතනය පිහිටලා තියෙන්නෙ BMICH පරිශ්‍රයේ.

▪මේ සියල්ලටම අමතරව ඔබට ඕනෑම පොලිස්ථානයකට ඔබට සිදුවන මේ හිරිහැර සම්බන්ධව පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම එම වීඩියෝ සහ ජායාරූප යොදාගනිමින් ඔබ බිය ගන්වනවානම්, ඔබට අයුතු යෝජනා ගෙනනවා නම් හෝ ඒවා වාණිජ අරමුණෙන් බෙදා හරිනවා නම් ඒ සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහ පනත යටතේ වගේම අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත යටතේ ක්‍රියා කිරීමේ හැකියාවක් පවතිනවා.

▪ඒ වගේම පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශයට පැමිණිලි කිරීමේ හැකියාවත්, පොලිස්ථානයට යා නොහැකි අවස්ථාවකදී online ආකාරයෙන් පැමිණිලි කිරීමේ හැකියාව මෙන්ම 109 hotline එක හරහා සම්බන්ධ වීමේ අවස්ථාව පවතිනවා.

▪වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු සම්බන්ධව මෙවැනි අපරාධයක් සිදුවන අවස්ථාවක ජාතික ළමාරක්ෂක අධිකාරයට පැමිණිලි කිරීම හා එහි සහාය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

🚩නමුත් මෙහිදී මා විශේෂයෙන් අවදානයට යොමු කරන්නේ තමනේ ජායාරෑපයක් හෝ විඩියෝවක් තම කැමත්තට පරිබාහිරව මුදා හැර ඇති අවස්ථාවක එයට නොබියව ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කමත්, එය ලැජ්ජාවට කරුණක් හෝ සමාජයෙන් හුදකලා වී සිටීමට හේතුවන කරුණක් සේ නොසලකා අපරාධකරුට යටත් නොවී ආත්ම අභිමානයෙන් යුතුව ක්‍රියා කිරීමේ වැදගත්කමත් ය.

🚩අප බිය නොවන්නේ නම් Photo සහ video ලීක් කිරීමෙන් ඵලයක් නොවන නිසා අපරාධ කරුවන්ගේ අරමුණු ව්‍යර්ථ වේ. ඒ නිසා යම් සිදුවීමකට අප දක්වන ප්‍රතිචාරය මත එම සිදුවීමේ සමස්ත දිශානතියම වෙනස් වම බව අප මතක තබා ගත යුතුය.

🚩එමෙන්ම photo එකක් video එකක් leak වී ඇත්තේ ඔබේ සමීපතයෙකුගේ නම් එය සාමාන්‍යය දෙයක් ලෙස සලකා අවශ්‍ය මානසික සහ නීතිමය සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය උපකාර සිදු කිරීම ප්‍රමාණවත්. එමෙන්ම විශේෂයෙන්ම ඔබ දෙමාපියක් නම් තම
දරුවෙක්ට එවැනි දෙයක් සිදු වූ විට එය ඔබට ප්‍රකාශ කල හැකි වන තරමේ සමීප සහ විවෘත පුද්ගලයෙකු වන්න. ඒ හරහා සියදිවි නසා ගැනීම්, සහ මේ හා ඈදෙන වෙනත් අපරාධ වළක්වා ගැනීමට හැකි වේවි.

නීතීඥ නාමිණී පණ්ඩිත

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan