*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් සමුළුව (Global Sales Conference 2022)

දින හතරක් පුරා පැවති ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් සමුළුව (Global Sales Conference 2022) ලොව ප්‍රමුඛතම සංචාරක නියෝජිතයින් සහ සංචාරක ක්‍රියාකරුවන් 150කට අධික පිරිසකට සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇති සූදානම ප්‍රදර්ශනය කරමින් සාර්ථක ලෙස නිමාවට පත් විය. මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර සංචාරක වෙළඳාම හා සම්බන්ධව සිටින මෙතරම් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වීම මෙම සමුළුවේ විශේෂත්වයකි. මෙහිදී එම පිරිසට සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වූහ. එසේම සීගිරිය ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත සංචාරක ආකර්ෂණ ස්ථානවල සුන්දරත්වය අත්විඳීමටත් ඔවුන්ට හැකියාව ලැබිණි.

මෙම සම්මන්ත්‍රණය සඳහා සංචාරක වෙළඳ ක්ෂේත්‍රයේ නියෝජිතයින්ට අමතරව ගුවන් සමාගමේ විදේශීය සාමාන්‍ය විකුණුම් නියෝජිතයින් සහ ශ්‍රීලංකන් හොලිඩේස් හි සංචාරක ක්‍රියාකරුවන් ද සහභාගී වූහ. මෙම සම්මන්ත්‍රණයට පෙර ශ්‍රී ලංකාවේ විශේෂිත සංචාරක ස්ථාන කිහිපයක් එනම් යාල ජාතික වනෝද්‍යානය, ඇල්ල; මහනුවර; ගාල්ල; බේරුවල; සීගිරිය; නුවරඑළිය; හබරණ; පොළොන්නරුව; අනුරාධපුර; රිටිගල; මීගමුව; සහ කොළඹ නැරඹීමේ චාරිකා ද සංවිධානය කර තිබුණි.

සංචාරයේ ආරම්භක කණ්ඩායම 2022 නොවැම්බර් මස 18 වන දින Aliya Resort හි පැවති ප්‍රධාන සම්මන්ත්‍රණයට සම්බන්ධ වූ අතර එහිදී ඔවුන්ට මෙම සංචාරයේ ධනාත්මක අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලදී. තවද ඔවුන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අන්තර් ක්‍රියාකාරී සැසි කිහිපයකට ද සහභාගී වූහ. එම සැසිවාරය තුළ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉතිහාසය, සංචාර සඳහා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්මාන තත්ත්වය සහ දිවයින වටා ඇති අකාර්ශණීය සංචාරක සථාන වීඩියෝ මගින් පැහැදිලි කර දීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවේ දී ප්‍රකට ආරාධිත කථිකයන්, ලෙස Raid Amazones හි නිර්මාතෘ Alexandre Debanne සහ Expedia Group හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු Piyush Minocha, යන මහත්වරුන් ප්‍රංශ සංචාරකයින්ට ශ්‍රී ලංකාව හඳුන්වාදීම සහ තිරසාර සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව පිළිබඳව අදහස් දක්වන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් සහ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු යන මහත්වරුන්ද මෙම විද්වත් සාකච්ඡාව සඳහා සම්බන්ධ විය. එසේම ජෝන් කීල්ස් සමූහ විවේක අංශයේ ගෝලීය සන්ධාන සහ හවුල්කාරිත්ව ජ්‍යෙෂ්ඨ උප සභාපති දිලීප් මුදදෙණිය මහතා විසින් එය මෙහෙයවන ලදී.

සම්මන්ත්‍රණයේ විශේෂත්වයක් වූයේ දේශීය ශිල්පීන්ගේ පාරම්පරික කලා සහ ශිල්ප ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකේය අත්කම් ප්‍රදර්ශනයක්ද එම ස්ථානයේ පැවැත්වීයි . ගෝලීය සංචාරක වෙළඳ නියෝජිතයන්ට පිඟන් භාණ්ඩ, බෙර, පිත්තල භාණ්ඩ, වාර්ගික ආභරණ සහ ලී වෙස් මුහුණු සෑදීම වැනි දිවයිනේ සංස්කෘතික ශිල්පීන් හඳුන්වා දෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දියාවේ ඇන්ටා ට්‍රැවල්ස් හි Kumar Vellore Jagadeesan මහතා මෙසේ පැවසීය, “අපි ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය පුරාවටම අප වෙත දක්වන ලද ආගන්තුක සත්කාරය සහ සැලකිල්ල නිසා අපි අතිශය සතුටට පත් වූණා. ශ්‍රී ලංකාව සෙසු රටවලින් වෙනස් වන්නේ ඒ නිසාම තමයි. සංචාරකයෙකුට තම නිවාඩුව කිසිදා අමතක නොවෙන්නේ මේ මිනිසුන්ගේ ආවේනික සැලකිලිමත් ක්‍රම නිසයි. ”

පාකිස්තානයේ විධායක ගුවන් සේවා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී Kanwal Faizal Zia මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාව ගැන මාධ්‍යවල කුමක් කීවත්, කතා කළත් රට සම්පූර්ණයෙන්ම සුන්දර හා ආරක්ෂිත බව මට වැටහෙන්නට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. දැන්, මට සෑම වසරකම නැවත පැමිණීමට අවශ්‍යයි. ඔබ ශ්‍රී ලංකාව ගවේෂණය කළ පසු ඔබටත් එය දැනෙනු ඇතැයි මට විශ්වාසයි. ”

තවද, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට, සමුළුවට පසු දින ලන්ඩනයේ ලෝක සංචාරක වෙළඳපොළ (WTM) සහ ITB බර්ලින් වැනි ප්‍රමුඛ පෙළේ ගෝලීය සංචාරක ඉසව්වලින් ආභාසය ලත් සංචාරක වෙළඳ හමුවක් සංවිධානය කරන ලදී. මෙහිදී දේශීය ගමනාන්ත කළමනාකරණ සමාගම් සහ සංචාරක ක්‍රියාකරුවන්ට පැමිණි සිටි විදේශීය සංචාරක නියෝජිතයන් සමඟ වාණිජ අවස්ථා සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ, “ශ්‍රීලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රකෘතිය සහ වර්ධනය වේගවත් කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇති බවයි. එසේම ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව ඉහළ වටිනාකමක් ඇති ගමනාන්තයක් බවට පත්කිරීමේ ජාතික දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා පසුගිය දින කිහිපය තුළ ඇති කරන ලද සහයෝගීතාවය දායක වනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.

ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකවට සංචාරය කිරීම ආරක්ෂිත සහ සිත් ඇදගන්නාසුළු ස්ථානයක් ලෙස ලෝකයට සහතික කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් දරන ලද මෙම ප්‍රයත්නයට සහය දැක්වීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් එක්වීම සතුටට කරුණක්. ශ්‍රී ලංකාව මෑතකදී ලොව මිත්‍රශීලීම රටක් ලෙස පිළිගෙන තිබෙනවා. මේ රටේ ජනතාව සෑම විටම එහි අමුත්තන් ගැන සොයා බලනවා සහ ඔවුන්ව ඉතා ආදරයෙන් පිළිගන්නවා. මෙහි පැමිණි නියෝජිතයින්ට එය අත්විඳීමට හැකි වූනා, ඔවුන්ගේ දේශීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමට ඔවුන් අදහස් කරන බව දැන ගැනීම සතුටට කරුණක්. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. ““අපගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාවට වැඩිපුර අමුත්තන් ගෙන්වා ගැනීම වන අතර, මෙම අවස්ථාව අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර වනු නොඅනුමානයි. මෙම සමුළුව අතිවිශිෂ්ට ලෙස සාර්ථක කර ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විවිධ කණ්ඩායම්වලට ද මම ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. අභියෝගාත්මක කාලපරිච්ඡේදයකින් පසු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනයේ ප්‍රගතිය පිළිබඳ හොඳ ලකුණු පහළ වී තිබෙනවා. විවිධ ක්ෂේත්‍රවල පාර්ශවකරුවන් අතර මෙම සම්මන්ත්‍රණයෙන් ආරම්භ වූ සාකච්ඡා සහ අවස්ථා හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට උපකාරී වනු ඇතැයි විශ්වාස කරනවා . ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් සම්මන්ත්‍රණය අවසන් වීමත් සමඟ මෙම ශීත සෘතුවේදී ගුවන් සමාගම ඉලක්කගත කාර්ය සාධනයක් අපේක්ෂා කරයි. ගුවන් සේවය දැනට රටවල් 60ක ගමනාන්ත 114කට මාර්ගගත සහ සංඛේත හුවමාරු මෙහෙයුම් හරහා මගී සේවා සපයයි.

රෂිකා හෙන්නායක
2022.11.24

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan