ඊශ්‍රායලය සහ හමාස් සටන් විරාමය ඇරඹෙයි!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී තිබෙන අතර දෙපාර්ශවය අතර ඇතිකරගෙන තිබෙන එකඟතාව අනුව හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 150න් 13ක් අද නිදහස් කිරීමටද නියමිතයි.

ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 150ක් නිදහස් කිරීමට ද නියමිතව තිබේ.

ඒ අනුව සටන් විරාමය දින 4ක කාලයක් ක්‍රියාත්මක අතර එහි මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයි.

පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය සහ හමාස් ගැටුම ආරම්භ වූ අතර මේ වන විට එම ගැටුම හේතුවෙන් 14,000කට අධික පිරිසක් මියගොස් ඇති බවයි හමස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

ආගමන විගමන පාලක ජනරාල්ගෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : එක්දින සේවය...

පක්ෂයට පිටින් ගිය පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති...