ලෝකයේ කඩවසම් ම පිරිමින් සමඟ හරි හරියට තරඟවැදි, අපේ ලාංකික මේඝ! – Mr World 2024

Date:

සටහන: පුන්සරා ලියනගේ

නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Mr World හි 11 වන සංස්කරණය වියට්නාමයේ Phan Thiet හි NovaWorld හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ රටවල් බොහෝමයක කඩවසම් තරඟකරුවන් රැසක් පිරිවරා ගනිමිනි.

එහිදී Puerto Rico හි Danny Mejia මෙම වසරේ Mr World 2024 යන කිරුළට හිමිකම් කීමට සමත් විය. ගිය වසරෙහි ජයග්‍රාහකයා වූ එංගලන්තයේ ජැක් හෙස්ල්වුඩ් මෙවර ජයග්‍රාහකයා වෙත අභිසෙස් පැළන්දීය.

තියුණු තරගයකින් පසු වියට්නාමයේ Phạm Tuấn Ngọc පළමු වන අනුශූරයා ලෙසින් තේරී පත් වූ අතර Mr World Asia කිරුළද දිනා ගත්තේය. අනෙකුත් ජයග්‍රාහකයින් අතර අප්‍රිකාව වෙනුවෙන් ඇන්ගෝලාවේ Felipe Salvador Maria සහ යුරෝපය වෙනුවෙන් ස්පාඤ්ඤයේ Antonio Company ද ඇතුළත් විය.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ 11 වැනි Mr World තරගය ශ්‍රී ලංකාව නම් අපේ පුංචි රටටත් ආඩම්බරයක් වූ අවස්ථාවක් සිහි ගන්වමිනි. මෙවර Mr World 2024 තරඟය සඳහා ඉදිරිපත් වූ මේඝ සූරියආරච්චි කැපී පෙනෙන තරඟකාරයෙක් ලෙස එහි දී ඉස්මතු වූයේ රටටද ආඩම්බරයක් ඇති කරමිනි.

කරුණාවෙන් සහ විශිෂ්ටත්වයෙන් තම රට නියෝජනය කරමින්, මේඝ ගෝලීය වේදිකාවේ ඔහුගේ සලකුණ තබමින් සම්මාන කිහිපයකින් ද පිදුම් ලැබීමේ භාග්‍ය උදා කර ගත්තේය.

මේඝ මෙවර මහජන තේරීමේ ජයග්‍රාහකයා (සමස්තයක්) ලෙස කිරුළු පැළඳුවේය. ඔහු Mr People’s Choice Winner (Asia & Oceania) ශීර්ෂය ද දිනා ගත්තේ කලාපය තුළ ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් අවධාරණය කරමිනි.

ඔහුගේ සංස්කෘතික නියෝජනයට සාක්ෂියක් ලෙස, මේඝ ඔහුගේ කැපී පෙනෙන ඇඳුම තුළින් ලක් මවගේ පොහොසත් උරුමය විදහාලමින්  “National Costume People’s Choice” යන ජයග්‍රහණය අත්පත් කර ගත්තේ ඔහුගේ ඇඳුමෙහි ජාතියේ සාරය ඔප්නන්වමිනි.

Mr World 2024 ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ලෝකයේම ඇස ගැටුණු මොහොතක, මේඝ සූරියආරච්චි යන බ්‍රෑන්ඩ් එක දැනටමත් නොමැකෙන සලකුණක් තබා ඇති අතර, ආශාව සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගෝලීය පිළිගැනීමට පවා තුඩු දෙන බව ලෝකයාට පෙන්වා දීමට ද ඔහු කැපවිය.

Mr World තරගයේ පළමු 10 දෙනා අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයා ලෙස මේඝ ඉතිහාසගත වූයේ ද ශ්‍රී ලාංකිකයන්ට අභිමානයක් එක් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...