ආසියානු 19 න් පහළ තරගාවලියට ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම විහස්ට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 25,(LNW) කොළඹ :

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නොවැම්බර් 29 වන දා ආරම්භවීමට නියමිත අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විහස් තෙව්මිකට පැවරී තිබෙනවා.මේ සමඟ වන ඡායාරූපයේ තිබෙන්නේ එම සංචිතයට ඇතුළත් වන 15 දෙනා සහ ඔවුන් කුමන විද්‍යාලයක් හරහා කණ්ඩායමට එක් වී සිටිනවාද යන්නයි.
ආසියාවේ ටෙස්ට් ජාතීන් පහ හැටියට ඉන්දියාව,පකිස්තානය,බංගලාදේශය,ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එකතු වෙන අතර තෝරා ගත් රටවල් ලෙස මෙම තරගාවලිය නියෝජවයට සුදුසුකම් ලබා ඇත්තේ,සත්කාරන එක්සත් අරාබි එමීර් රාජ්‍ය,නේපාලය සහ ජපානයයි.


මූලික තරග කාණඩ දෙකක් යටතේ පැවත්වෙන අතර ශ්‍රී ලංකාව අයත්වන බී කාණ්ඩයට නේපාලය,ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය අයත් වෙනවා.සත්කාරක කණ්ඩායමත්,ජපානයත්,ඉන්දියාව සහ පකිස්තානයත් ඒ කාණ්ඩයෙන් මූලික වටය සඳහා තරග වඳිනවා.ශ්‍රී ලංකාව මූලික වටයේ පළමු තරගය සඳහා නේපාලය සමඟ නොවැම්බර් 29 වන දා තරග වදිනවා.දෙවන තරගය යෙදි ඇත්තේ දෙසැම්බර් පළමුවන දිනයි.ඒ ඇෆ්ගනිස්තානය සමඟයි.දෙසැම්බර් 3 වන දා බංගලාදේශය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ අවසාන තරගය සඳහා මුහුණ දෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...