Yamandú Orsi ට උරුගුවේ ජනාධිපතිවරණයෙන් ජය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යමණ්ඩු ඔර්සි විසින්, උරුගුවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Yamandu Orsi, candidate for the Broad Front (Frente Amplio) and running mate Carolina Cosse, right, celebrate after polls closed in the presidential run-off election in Montevideo, Uruguay, Sunday, Nov. 24, 2024. (AP Photo/Natacha Pisarenko)

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක අල්වාරෝ ඩෙල්ගාඩෝට එරෙහිව පැවති තියුණු තරඟයකින් වාමාංශික අපේක්ෂක යමණ්ඩු ජයග්‍රහණය කර ඇති බවයි. ඔහු හිටපු නගරාධිපතිවරයෙක් හා ඉතිහාස ගුරුවරයෙකු ද වේ.

ඔර්සිගේ ආධාරකරුවන් මොන්ටෙවීඩියෝ අගනුවර වීදි බැස ජයග්‍රහණය සැමරූ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළේය.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඔර්සිගේ ජයග්‍රහණය බ්‍රසීලය හා ආර්ජන්ටිනාව අතර අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි උරුගුවේ රාජ්‍ය සංවර්ධනය කරා ගෙන යාමේ තවත් පියවරක් බවයි,

2005 සිට 2020 දක්වා වසර 15ක් බ්රෝඩ් ෆ්රන්ට් විසින් උරුගුවේ ජනාධිපති ධුරය හෙබවූ අතර, 2019 මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ලුවිස් ලකල්ලේ ජයග්‍රහණය කිරීමත් සමඟ එම පාලනය බිඳ වැටුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...