Yamandú Orsi ට උරුගුවේ ජනාධිපතිවරණයෙන් ජය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යමණ්ඩු ඔර්සි විසින්, උරුගුවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Yamandu Orsi, candidate for the Broad Front (Frente Amplio) and running mate Carolina Cosse, right, celebrate after polls closed in the presidential run-off election in Montevideo, Uruguay, Sunday, Nov. 24, 2024. (AP Photo/Natacha Pisarenko)

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක අල්වාරෝ ඩෙල්ගාඩෝට එරෙහිව පැවති තියුණු තරඟයකින් වාමාංශික අපේක්ෂක යමණ්ඩු ජයග්‍රහණය කර ඇති බවයි. ඔහු හිටපු නගරාධිපතිවරයෙක් හා ඉතිහාස ගුරුවරයෙකු ද වේ.

ඔර්සිගේ ආධාරකරුවන් මොන්ටෙවීඩියෝ අගනුවර වීදි බැස ජයග්‍රහණය සැමරූ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළේය.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඔර්සිගේ ජයග්‍රහණය බ්‍රසීලය හා ආර්ජන්ටිනාව අතර අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි උරුගුවේ රාජ්‍ය සංවර්ධනය කරා ගෙන යාමේ තවත් පියවරක් බවයි,

2005 සිට 2020 දක්වා වසර 15ක් බ්රෝඩ් ෆ්රන්ට් විසින් උරුගුවේ ජනාධිපති ධුරය හෙබවූ අතර, 2019 මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ලුවිස් ලකල්ලේ ජයග්‍රහණය කිරීමත් සමඟ එම පාලනය බිඳ වැටුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...