ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් එරාන්ට හා හිරුණිකාට දෙන්න – හර්ෂගෙන් යෝජනාවක්!

Date:

කොළඹ LNW:පසුගිය මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය සදහා ලැබී තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර පහෙන් හතරක් වෙනුවෙන් මන්ත්‍රීවරු නම් කිරීම තවදුරටත් සිදුව නොමැති හෙයින් මන්ත්‍රී ධූර දෙකක් එරාන් වික්‍රමරත්නට සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබාදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යෝජනා කර තිබේ.

එක් මන්ත්‍රී ධූරයක් සඳහා පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ වන විටත් නම් කර තිබෙන අතර මැතිවරණ කොමිසම විසින් අදාළ ගැසට් නිවේදනයද පළකර ඇත.

මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එරාන් වික්‍රමරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තේරී පත්නොවීම ගැන තමන් අතිශය කණගාටු වන බවයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.

මේ අතර ඊයේ (24) දින කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කළ කණ්ඩායම විශේෂ සාකච්ජාවක් සඳහා විපක්ෂ නායක කාර්යාලයට කැඳවා තිබුණු අතර ඊට සහභාගී වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍යට ද අදහස් දක්වා තිබුණි.

ඒ අනුව ඇය කියා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අතරින් කාන්තාවකට එම අවස්ථාව ලැබෙන්නේ නම එය තමන්ට ලබා දෙන ලෙස පක්ෂ නායකත්වය සහ මහ ලේකම්වරයා සමඟ සාකච්ජා කළ බවයි.

ඊට සුදුසුද තමන් බවට ඇය ප්‍රකාශ කර සිටියාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...