මට මාර දුකයි මම කොටියා කියලා හැම මීඩියාවලටම දාලා තියෙනවා, අර්චුනා සමාව අයැදියි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ (LNW):

අද (25) පාර්ලිමේන්තුවේ පැවැති නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ,10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද ඇතැයි වාර්තා වේ.

තම අදහස් දැක්වූ අර්චුනා රාමනාදන්,

“මම ඇහුවා මම කොතනද වාඩි වෙන්න ඕන කියලා. එතකොට කිව්වා අනිත් පැත්තට ගිහින් වාඩි වෙන්න කිසි අවුලක් නෑ ඩොක්ටර් ඕන තැනක වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ඉස්සරහට ගිහින් වාඩි වුණා. අපි කැම්පස් ගිහින් පුරුදුයි.. අපි අත උස්සලා පාර්ලිමේන්තුවට ආවේ නෑ. මම හිතුවා මට ඕන තැනක ගිහින් වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට මට හතරදෙනෙක් ඇවිල්ලා කතා කළා. මට ඇවිල්ලා කිව්වේ මේක විපක්ෂනායකවරයා හැමදාම වාඩිවෙන පුටුව කියලා. එතකොට මම හිතුවා අනිත් පුටුවක වාඩි වෙන්න පුළුවන් කියලා. මට කිසි හේතුවක් නෑ  8 වැනි පුටුවේ ගිහින් වාඩි වෙන්න.  මට මාර දුකයි මම කොටියා කියලා හැම මීඩියාවලටම දාලා තියෙනවා කොටියෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා විපක්ෂ නායකගේ පුටුවේ කියලා. මෙහෙම අපි හිතාමතාම ගිහින් වාඩිවෙලා නෑ.මට ගෘෘප් එකක් නෑ මම ස්වාධීනව ආවා එතකොට මම දන්නේ නෑ කොතනද වාඩිවෙන්නේ, කොහොමද යන්නේ කියලා. යැයි පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...