හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

Date:


නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW
:

ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ දෙනෙක්ට දැනෙන හැටියට සල්ලි සාගරේක පිහිනීමක්. ඒමතම සිතන විට මතුවන අපේ පොළවට ආවේනික තියෙන තැනට ඉරිසියා කිරීමක්.නැත්නම් ඒ මහා මුදල පාලනය කරන පිරිස දිහා සැකෙන් වෛරයෙන් බැලීම මෙන්ම ඒ සැකය වෛරය පැතිරීමත් මෙහි එක්තරා ලක්ෂණයක්.

මෙහි අදහස හැබැයි පරිපාලකයා සියයට සියයක් ශුද්ධ වූ පූජණීය වස්තුවක් බව පැවසිම නොවේ.එවැන්නන් සොයා ගැනීම කළ නොහැකි දෙයක්. එහෙත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති කරන යහපත් ක්‍රියාවන් කිසිවිටෙක ඔවුන්ගේ ඇගයීමට හේතු නොවන,ඔවුන්ගේ සීමාවෙන් පිටත සිඳුවන අයහපත් දේ පවා ඔවුන්ගේ ගිණුමට වැටෙන ක්‍රිකට් පරිපාලකයා සල්ලි ගොඩක් රකින පව්කාර වගකිමක් දරන කෙනෙක් කියලයි හැඟෙන්නෙ.පව්කාර කියන වචනය යෙදුවෙ, කිසිම විටෙක හොඳක් නොකියවෙන නිසයි.මේ වන විට අවුරුදු 15 න් පහළ තරගාවලියක් ක්‍රියාත්මකයි.

ඒ වගේම අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් ඉන්නෙ බංගලාදේශ සංචාරය තුළයි.කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙ ජාතික කණ්ඩායම වගෙම අවුරුදු 19 න් පහ කණ්ඩායම් දෙකම ඉස්සරට වඩා ස්ථාවරයි.ඒ වගෙම ආර්ථික වශයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙ තත්ත්වයත් වෙනදාට වඩා යහපත්.මේ විදිහට නිතරම ජාතික පිරිමි කණ්ඩායමට සමානවම ලංකාවෙ පහළ වයස් කාණ්ඩ කණ්ඩායම්වලට,කාන්තා කණ්ඩායම්වලටත් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලැබෙනවා.ඒත් වැඩියෙන්ම කතාබහට ලක් වුණේ ජාතික පිරිමි කණ්ඩායමට දීර්ඝ කාලයක් ටෙස්ට් තරග අහිමිවීම ගැන විතරයි.

ඒ වගේම ශ්‍රී ලංකාව විශ්වසනීය තත්ත්වයෙන් අයිසීසි ය පිළිගන්නා නිසා බොහෝ තරග සංවිධානයේදී ශ්‍රී ලංකාව ගැන විශ්වාසය පළවෙනවා.ඒ හරහා රටේ ආර්ථිකයටත් වාසිදායක තත්ත්වයන් උදා වෙලා තියෙනවා.මේ සල්ලි තියෙන ක්‍රිකට් කියන එක සල්ලි නිසා ක්‍රිකට් අල්ලන් ඉන්නවා කියන එකෙයි ඇත්තම ඇත්ත මොකද්ද?ක්‍රිකට්වලට සල්ලි උපයන්න ක්‍රම තියෙනවා.

හැබැයි ඒක හරියට කළමණාකරණය නොකළොත් බංකොළොත් වෙනවා.වත්මන් පරිපාලනය භාරගන්නෙත් එහෙම හිදුණු ගිණුමක්.ලංකාවෙ පරිපාලනය අවුල්නම් ඒක ක්‍රීඩා අමාත්‍යවරයාට විසුරුවා දමලා අතුරු කමිටුවක් ගේන්න පුළුවන්.මේ අතුරු කමිටුව කියන වචනය වෙනුවට දැන් තවත් නම් හැදිලා තියෙනවා.ඒත් ඒ විසුරුවා හරින්නට සිඳුවන හේතුව අයිසීසී ය පිළිනොගන්න මට්ටමේ එකක්නම් දේශපාලකයා කරන්නෙ රටේම ක්‍රීඩාව තහනමට ලක් කිරීමයි.මේ ගැන උදාහරණ රොෂාන් රණසිංහ අමාත්‍ය ධූරය දරද්දි අත් වින්දා.කොහොමත් පසුගිය කාලයේ ගෙනාපු අතුරු කමිටු බොහෝ වෙලාවට කළේ තියෙන සල්ලි වියදම් කරලා දාපු එක.ඒ තත්ත්වයන් අයිසීසී ය දන්නවා.

මහ බැංකුවටත් මතක තියෙනවා.ඒ නිසා මූල්‍ය පාලනය ගැන දොස් කියන කොට චෝදනා කරන කොට අයිසීසී ය බලන්නෙ ක්‍රිකට් ගිණුමෙ කොච්චර ඉතිරිය තියෙනවද කියලා.ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට ඒ පැත්තෙන් සාර්ථකයි.එවැනි චෝදනා නිසා ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් නොවන ක්‍රීඩාවන්ට නම් යම් අසාධාරණයක් වුණා.අයිසීසී ය ක්‍රිකට්මය නොවන ක්‍රීඩාවන්ට සහ රටේ ආර්ථික අර්බූදවල ගිලී තිබෙන සෞඛය කේෂ්ත්‍රය වැනි තැන්වලට යොදවන සල්ලි යම් විදිහකට නැවත්විය යුතු බව පැවසුණා.

ක්‍රිකට් ආයතනයට මේ ආධාර කිරීම් ගැන ජාතික පිරිමි කණ්ඩායමට හැරෙන්න අනෙකුත් කණ්ඩායම්වලට වටිනා අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව වගේම එට පුරා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වෙනුවෙන් සහ ක්‍රිකට් ගමට ව්‍යාපෘති හරහා සිඳු කරගෙන යනු ලබන වැඩ සටහන්වලට ප්‍රශංසාවක් ලැබෙන්නෙම නැති තරම්.ඒ වෙනුවට ජාතික කණ්ඩායම හෝ වෙනත් කණ්ඩායමක් අසාර්ථකවීම ගැන ක්‍රිකට් ආයතනය පිට වැරදි ගොනු කිරීම එක දිගට සිඳු වෙනවා.මේ තේරීම්වලට වගකීම යන්නෙ ක්‍රිකට් තේරීම් කමිටුවට.එහිදී නායකයාගේ සහ පුහුණුකරුවාගේ අදහස් විමසා බැලීමද සාමාන්‍යයෙන් සිඳුවන දෙයක්.

ක්‍රිකට් සභාපති හෝ එහි නිලධාරියෙකු ඊට සම්බන්ධ වන්නේ නැහැ.තේරීම් කමිටුව පත්කිරීමේ බලධාරියා අමාත්‍යවරයායි.ඔහුට යම් යම් තීරණ ගත හැකියි.එක්තරා අවස්ථාවක අර්ජුව රණතුංගගේ උපදෙස් මත වනිදු හසරංග ආබාධය තිබියදී වේදනා නාශක සමඟ ක්‍රීඩා කරන්නට හැකි බව කියද්දිත් කණ්ඩායමට නම් කර සිටි ඔහුගේ නම ඉවත් කරනු ලැබුවා.පරාජය වූ පසුව එහි වගකීම අමාත්‍යවරයාම ක්‍රිකට් වෙත පැවරුවා.සාමාන්‍ය ජනමතය වැඩ කරන ආකාරයට දේශපාලනිකව තමන්ගේ උවමනාවට ක්‍රිකට් නතු කර ගැනීමට තමන්ගේ වැරදි මැදිහත්වීමම ශ්‍රී ලංකා ක්‍රිකට් මත පටවා දෑත් සෝදා ගැනීමට හදද්දී එවකට තේරීම් කමිටු සභාපතිවරයා අමාත්‍යවරයාට ඇති බලය යොදා කණ්ඩායම නම් කිරිම වෙනස් කළ බව පෙන්වා දුන්නා.වැදගත්ම වැඩේ මේ විවේචන කරන්න පාර හැදෙන්නෙ පරාජයන් සමඟ වීමයි.පරාජයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දීමනා සම්බන්ධයෙන්,පහසුකම් සම්බන්ධයෙන් අඩුවක් කර තිබෙනවානම් මානසිකව ඒ කාරණය ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපානවා.එහෙත් තෝරා ගන්නා කණ්ඩායමට පහසුකම් සැපයීම හැර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කළ හැකි බලපෑමක් එය සිඳුවන ව්‍යහුය තුළ දකින්නට නැහැ.ඊට පිටින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවතින ව්‍යහුයට අනවශ්‍යය බලපෑමක් කරනවානම් එය තේරිම් කමිටුව විසින් ක්‍රිඩා අමාත්‍යවරයා වෙත දැණුම් දිය යුතුව තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් එසේ තේරිම්වලට සම්බන්ධනම් එය වගකිමෙන් පිටතට විත් කරන බලපෑමක්.

එය අනුමත කරන තේරීම් කමිටුව,නායකයා,පුහුණුකරුවා සහ අමාත්‍යවරයා නොමැතිව ක්‍රිකට් ආයතනය පමණක් ඉලක්ක වන්නේ කොහොමද?මෙතනදි සංවිධානාත්මකව පරිපාලනයේ ඇති මුදල් පසුබිම අත ගාන්නට කැමති අයගේ ආසාවය.ඔවුන් එන්නේ තේරීම් නිවැරදි කර හොඳ කණ්ඩායමක් හදන්නටය.පරාජය වරදය.පරාජයෙන් පිටතට විත් පාසල් ක්‍රිකට් කණ්ඩායම්වලට දෙන වෙන කවරදාකවත් නොතිබි අනුග්‍රහයන්,ජාතික පිරිමි කණ්ඩායමට සීමා නොවී වයස් කාණ්ඩ කණ්ඩායම් නිර්මාණය කරමින් අනාගතයට අවශ්‍යය ජාත්‍යන්තර පුුහුණුව ඇති කිරීම වැනි කාරණා ගැන එහිදී හ්ම් නැත.ඒ එන අය කණ්ඩායම තේරිම කරන්නේ කොහොමද?තිබෙන ව්‍යහුය වෙනස් කර ව්‍යස්ථා වෙනසකින් තේරීම් කමිටුවේ බලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පවරනවා ද?මේවා ගැන කියන්නේ ද නැත.ශම්මි ඇතුළු කණ්ඩායමක් විසින් මේ අසාර්ථවීමට බලපාන බව කියමින් එය සිඳුවන ව්‍යහුය ඇතුළේ ඊට වගකිව යුතු කාණ්ඩය නොසළකා හරින්නේය.කණ්ඩායම තේරිම සම්බන්ධයෙන් වන වගකීම පැවරෙන්නේ කාටද යන්න සහ වගකීම පවතින්නේ කාටද යන්න මේ ගැන අදහස් දක්වන නම ගිය සියල්ලම දන්නා දෙයකි.සනත් ජයසූරිය ද එහි වගකීම සියුම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පවරමින් පුහුණුකරු වෙන්නට පෙර විවේචනය කරමින් උන්නේය.හදන හැටි කිවේය.

විය යුත්ත මෙය යැයි පෙන්වා දුන්නේය.අර්ජුන තදින් විදේශ පුහුණුකරුවන්ව විවේචනය කරමින් ලංකාවේ දක්ෂයන් සිටින බව කිවේය.එහි සනත් ද උන්නේය.ඒ අතින් බලනකොට දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුනලා සහ සනත්ලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිවැරදි කළ හැකි පිරිසකට කණ්ඩායම භාර දී ඇත.එහෙමනම් දැන් පරදින්නේ කොහොමද?ශ්‍රී ලංකා ක්‍රිකට් මේ මොහොතේ ව්‍යවහාරික වචනයකින් කිව්වොත් පට්ට යැයි කියන්නට අප උත්සාහ කරන්නේ නැත.මේ දෙස බලාගෙන අපි පට්ටයි අපි කරන්නම් කියන කිසිවෙකු ද පට්ට නැත.මුදල් තියෙන වීසි කරන ක්‍රිකට් එකක් ගැන තියෙන සාමාන්‍ය ස්වරූපය වෙනස් කර අතුරු කමිටු ණය වී මුදල් ගෙවන තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් පත් කළ බව ද අපටනම් මතකය.ඒ නිසා කණ්ඩායමේ අවුල පරිපාලනය මත නොතියා එය කතා කළ යුතු,වෙනස් කළ යුතු සියළු පාර්ශව ආමණ්ත්‍රණය කළ යුතුය ඇත.දිනන්න පුළුවන් ටීම් එකක් අපට ඕනි කියන පොදු සමාජ මතය අපි ද නියෝජනය කරන්නෙමු.පිට්ටනියේ හැමදාම එකම දේ කරන්න නොහැකිය.ජාත්‍යන්තර කණ්ඩායම් සිටින්නේ ප්‍රතිවාදි දක්ෂයන් ගැන නිරන්තර අධ්‍යයනයකය.

ඒ වෙනස් වෙන විදිහට දක්ෂතා වෙනස් කර ගත යුත්තේ ක්‍රිඩකයාය.ඊට පුහුණුකරුවන් මඟ පෙන්විය යුතුය.ඒත් එසේ වන්නේ නැත.කිඹුල් කඳුළු හෙළමින් හඬන්නේ පරිපාලන පුටු සොලවන්නටය.ඒවා හොළවන්න හැකි මොහොතට සූදානම් වෙමින් මේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න අවශ්‍යය පසුබිම කතා කිරිම වැදගත්ය.එතෙක් පොරවා ගෙන සිටින සිංහහම්වලින් සිංහයෙකු ලෙස පෙන්නන්නට ගත්තද විරෝධතාවල සිංහ පෙණුම පිටුපසින් සිඟාල වලිගය එළියට පෙනෙන්නට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!

කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින්...

සුඩානය, එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...

හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීමෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලට බාධා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දිගු ඉතිහාසයකට...