සුඩානය, එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස 30 කට වැඩි කාලයක් සුඩානයේ ක්‍රියාත්මක වන අමානුෂික යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එක්සත් ජනපදය ප්‍රමුඛ මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව සුඩානයේ ඉහලම ජෙනරාල්වරයා වන ජෙනරාල් අබ්දෙල්-ෆටා බුර්හාන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වීඩියෝ සබැඳියක් හරහා අදහස් දක්වමින් ජෙනරාල් අබ්දෙල්-ෆටා බුර්හාන් සඳහන් කර තිබුණේ, සුඩාන යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ සෞදි අරාබිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්වීම අතිශය පක්ෂග්‍රාහී වන බව,යෝජනාව පිළිගත නොහැකි බවත් මෙම යෝජනාව ඔහු දැක ඇති නරකම එකක් වන බවත්ය.

පසුගිය සතියේ ධවල මන්දිරයට කළ සංචාරයේදී සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් සුඩාන යුද්ධය අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කරන ලද ඉල්ලීමට අනුව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සුඩානයේ යුද්ධය අවසන් කිරීමට උපකාර කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

2023 අප්‍රේල් මාසයේදී සුඩානය අවුල් ජාලයකට ඇද දමමින් ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බර්හාන්ගේ නායකත්වයෙන් යුත් සුඩාන සන්නද්ධ හමුදා (SAF) හා ජෙනරාල් හෙමෙඩිටිගේ නායකත්වයෙන් යුත් පැරාමිලිටරි වේගවත් සහායක හමුදා (RSF) අතර බල අරගලය විවෘත සටන් හරහා පුපුරා යනු ලැබූ අතර එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, විනාශකාරී යුද්ධයෙන් 61,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති නමුත් ආධාර කණ්ඩායම් පවසන්නේ සැබෑ සංඛ්‍යාව බොහෝ ගුණයකින් වැඩි විය හැකි බවත්ය.

සුඩාන යුද්ධය ලොව විශාලතම මානුෂීය අර්බුදය නිර්මාණය කළ අතර මිලියන 14 කට අධික ජනතාවකට බලහත්කාරයෙන් අවතැන් කර ඇත.

2025 අගෝස්තු වන විට, සුඩානය ලෝකයේ දරුණුතම කුසගින්න අර්බුදයකට මුහුණ දුන් අතර, මිලියන 25 ක් පමණ ජනතාව දැඩි ආහාර අනාරක්ෂිතභාවයකින් පෙලීම හා ළමුන් මිලියන හතරකට ආසන්න සංඛ්‍යාවක් දැඩි මන්දපෝෂණයෙන් පෙලීම ඇතුළු 770,000 ක් මරණ අවදානමට ලක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!

කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින්...

හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...

හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීමෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලට බාධා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දිගු ඉතිහාසයකට...