වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

Date:

සටහන – පුලී

නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු ප්‍රථම වරට ඉතියෝපියාවේ ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඝන දුමාරයක් සහ අළු ඉහළ අහසට විසි වීමෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් ඉන්දීය ගුවන් ගමන් වලට ද එහි බලපෑම් ඇති වී තිබේ.

ඉතියෝපියාවේ සිට පැමිණි ගිනිකඳු අළු දුමාරය ඕමානය සහ යේමනය හරහා රතු මුහුද හරහා හමා ගොස් දිල්ලියට ද ළඟා වී ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පවසයි.

ඉතියෝපියාවේ ඊසානදිග අෆාර් කලාපයේ දිගු කලක් නිද්‍රාශීලීව පැවති මෙම Hayli Gubbi ගිනි කන්ද ඉකුත් ඉරිදා සක්‍රීය වෙමින් පැවතුණු අතර, අසල්වැසි ගම්මාන දූවිලි වලින් වැසී ගොස් වැඩ කරන ගොවි ජනතාවට ද බඩට පහරක් ඇති කර තිබේ.

ගිනිකඳු අළු යනු පිපිරීමක් අතරතුර වායුගෝලයට මුදා හරින කුඩා අංශු වලාකුළකි. එමඟින් ගුවන් යානා එන්ජින් වලට හානි කළ හැකි අතර ගුවන් තොටුපල දූෂණය කළ හැකි මෙන්ම දෘශ්‍යතාව අඩු කළ හැකිය. එමඟින් ගුවන් ගමන් මෙහෙයුම් වලට අනතුරුදායක තත්ත්වයක් ඇති වන හෙයින් ගුවන් ගමන් කිහිපයක්ම අවලංගු කර ඇති බවට ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...