චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24) රාත්‍රියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග දුරකථන සංවාදයකට එක්ව තිබෙනවා.

ඉකුත් මාසයේ ඇමරිකානු ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවේදී පැවැත්වූ සාකච්ඡා යළි සිහිපත් කරමින් චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ එම සාකච්ඡාවෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර අන්දමින් පවත්වාගෙන යන බවයි. මෙම යහපත් තත්ත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වඩාත් සාධනීය ප්‍රගතියක් අත්කරගැනීමට චීනය අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

චීනයේ තායිවානය සම්බන්ධයෙන් ද ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ. හෙතෙම තායිවානය පිළිබඳ චීනයේ ස්ථාවරය ඇමරිකානු ජනාධිපතිවරයා වෙත පහදා දෙමින් අවධාරණය කළේ තායිවානය ජපාන ආක්‍රමණයෙන් නිදහස් කර ආපසු චීනයට එක්වීම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත වූ ගෝලීය පටිපාටියේ වැදගත් කොටසක් බවයි. දෙවැනි ලෝක යුද්ධ‍යේදී ෆැසිස්ට්වාදය එරෙහිව සටන් කළ චීනය හා ඇමරිකාව වර්තමානයේ එම යුද ජයග්‍රහණය පොදුවේ රැක ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ෂී ජින් පිං ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ දැක්වූ අදහස් තමන් සම්පූර්ණයෙන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බව සඳහන් වනවා. දෙවැනි ලෝක යුද සමයේ දී චීනය ඉටු කළ වැදගත් මෙහෙවර අගය කරන බවත්, තායිවාන ප්‍රශ්නය චීනයට වැදගත් බව ඇමරිකාවට මැනවින් අවබෝධ වී ඇති බවත්,ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...